Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රාජකාරියට කතුන් පමණයි : ඡන්ද ‍පොළවල් රට පුරා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී  කාන්තාවන් පමණක් රාජකාරි කරන ඡන්ද මධ්‍යස්ථාන දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සැලසුම් කර තිබේ.
මෙහිදී එම ඡන්ද මධ්‍යස්ථානවල ‍‍‍ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ සිට පහළම කම්කරුවා දක්වා ඡන්ද ‍පොළේ සියලු රාජකාරි කටයුතු කාන්තාවන් විසින් සිදු කිරීමට නියමිතය.
ඊට අමතරව  එම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවන ‍පොලිස් නිලධාරීන්ද කාන්තා ‍පොලිස් නිලධාරිනියන් වන අතර ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව ජංගම මුර  සංචාරයේ යෙදීමටද කාන්තා ‍පොලිස් නිලධාරිනියන් හා කාන්තා ‍පොලිස් රියැදුරන් යෙදවීමටත් තීරණය කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් එලෙස කාන්තාවන් පමණක් රාජකාරී කටයුතු කරන ඡන්ද මධ්‍යෂ්ථාන 2ක් 5ත් අතර සංඛ්‍යාවක් පිහිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය කාන්තා නිලධාරිනියන් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‍පොලිස් මැතිවරණ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය ‍පොලිස් කාන්තා නිලධාරිනියන් ලබා දීමට ‍පොලිස් මැතිවරණ කොට්ඨාසය එකඟතාව පළ කර තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේ සෑම අපේක්ෂක ලැයිස්තුවකම අනිවාර්්‍යයෙන්ම 50ක කාන්තා නියේජනයක් දක්නට ලැබෙන අතර  මෙලෙස කාන්තාවන් පමණක් රාජකාරි කරන ඡන්ද මධ්‍යස්ථාන රටපුරා ස්ථාපිත කෙරෙන්නේ ප්‍රථම වතාවට බව මැතිවරණ කොමිසමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1771

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1617

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click