Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මූල්‍ය අර්බුදය ගැන විවාදයට වහා මැතිසබය කැඳවන්න

රටේ පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව මතුවී තිබෙන නිසා ජනවාරි 23 දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බොරැල්‍ලේ ධර්මාශ්‍රයේදී (24) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා,
පසුගිය සතියේ අපේ රටේ මූල්‍ය වෙළෙඳ‍පොළ තුළ විශාල අර්බුදයක් මතු වුණා. හම්බන්තොට වරාය චීනයට පවරා දී ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 292 (රුපියල් කෝටි 4500) දින 14ක් ගතවෙලත් මහ බැංකුවේ විදේශ සංචිත ගිණුමට බැර කරලා නෑ. ඒ විශාල මුදල ලංකා බැංකුවේ තැන්පත් කර ඇති බව දැන් සඳහන් වෙනවා. ඒත් ලංකා බැංකුවේ කුමන ගිණුමක ඒ මුදල් තැන්පත් කළාද කියලා දැනගන්න නෑ. මේ අතර මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ණය ලබා ගැනීමේ සීමාව ඉහළ නංවා ගැනීමට අනුමැතිය ගත්තා. එසේ කළ ඔහු රජයේ බැංකුවලින් ණය ලබාගැනීම කෝටි 5000 කින් අඩු කරන්නත් බැඳුම්කර නිකුතුව රුපියල් කෝටි 1000කින් අඩු කරන්නත් පියවර ගත්තා කියල මාධ්‍යවල සඳහන් වෙනවා. 
මේ තත්ත්වය පරස්පර අර්බුදකාරි තත්ත්වයක්. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ලෝකයට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න කියලයි.  එහෙම කෙරෙන්නේ නැත්නම් මේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න විශේෂ පාර්ලිමේන්තු සැසියක් ජනවාරි 23ට පෙර කැඳවන්න කියලා ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ගුණවර්ධන මහතා කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 147 වන වගන්තිය අනුව මුදල් පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට පැවැරෙන නිසා විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවා රටේ පවතින සැබෑ මූල්‍ය තත්ත්වය පිළිබඳ ලෝකයට ප්‍රකාශයක් කිරීම අත්‍යවශ්‍ය බවද එසේ නොකළහොත් පැතිර යන විවිධ මූල්‍ය අර්බුද පිළිබඳ තොරතුරු නිසා ආයෝජන අඩු වී රුපියල බාල්දු වී ජීවන වියදම ඉහළ යෑම නවතා ගත නොහැකි වනු ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තේ වෙළෙඳ‍පොළ අර්බුදයකට ලක්වීමට වඩා මූල්‍ය වෙළෙඳ‍පොළ අර්බුදයකට ලක්වීම භයානක හා බරපතළ කාරණාවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා විනිමය පනතද ලිහිල් කර ඇති මේ අවස්ථාවේදී රටේ ජනාධිපතිවරයා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ලෝකයාට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර විදේශ ආයෝජන ආරක්ෂා කර ගත යුතු බවද පෙන්වා දෙන්නේය. 
 
ජයසූරිය උඩුකුඹුර
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1410

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1574

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click