Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකන්-මිහින් එයාර් දූෂණ සෙවීමට ජනපති කොමිසමක්

මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ලබන ජනවාරි මුල් සතියේ පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) පෙරවරුවේ කඩුවෙල සති‍පොළ භූමියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමිනි.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරනු ලබන ජනහමු මාලාවේ තවත් එක් ජන හමුවක් ලෙස දිනන කඩුවෙල - සටන අරඹමු තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුණි.
ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දූෂණයට, වංචාවට හා අක්‍රමිකතාවට එරෙහිව මීට පෙර කිසිදු රජයක් නොගත් තීන්දු, තීරණ ගත් තමන් ඉදිරියේදීද වංචාවට, දූෂණයට හා අක්‍රමිකතාවට එරෙහිව දැඩිව කටයුතු කරමින් ශිෂ්ට සම්පන්න දේශපාලන පරපුරක් මෙන්ම නොකිළිටි ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වගකීම ඉටුකරන බවයි.
හොඳ රටක් ගොඩනැගීමට යන ගමනේදී හොඳ පළාත් පාලන ආයතන ව්‍යුහයක් තුළ විනයක් සහ හැදියාවක් ඇති පළාත් පාලන නියෝජිතයන් පිරිසක් බිහිකිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පුළුල් ජනතා මෙහෙයුමක් ඉටුකළ හැකි පළාත් පාලන ආයතන වංචාවෙන් සහ දූෂණයෙන් තොර ආයතන බවට පත්කළ විට එයින් අසීමිත ජනතා ප්‍රතිලාභ උදාකර දිය හැකි බවද කියා සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන්නේ යහපත්, බුද්ධිමත්, අවංක සහ රටට ආදරය කරන දේශපාලන පරපුරක් ගොඩනැගීම බවද සඳහන් කළ ජනාධිපතිවරයා පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ලෙයින් ‍පෝෂණය වූ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ විය යුත්තේ එය බවද කියා සිටියේය.
පසුගිය සමයේ පළාත් පාලන ආයතන දැඩි දූෂිත තත්ත්වයකට පත්ව තිබූ අතර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ රාජ්‍ය දේපළ අවභාවිතය සිදුකරමින් තම ගෞරවය කෙළෙසා ගත් පිරිස් අද එහි දඬුවම් විඳිමින් සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.
පළාත් පාලන ආයතන තුළ නව පරිවර්තනයක් මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමග සිදුකරන බව මෙහිදී පැවැසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී දූෂණයට, වංචාවට, හොරකමට සහ නාස්තියට එරෙහිව ගතයුතු ඉහළම තීන්දු තීරණ පක්ෂයක් මෙන්ම ආණ්ඩුවක් ලෙසද නොපැකිළිවම ගන්නා බව අවධාරණය කළේය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට ජී. එච්. බුද්ධදාස, වීරකුමාර දිසානායක, මංජුල බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ, අමාද සිල්වා - කඩුවෙල 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2457

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click