Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොලිතීන් වලින් තොර නත්තලක් ගැන අගරදගුරු හිමියෝ අවධාරණය කරති

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් පරිසරයට කිසිදු හානියක් සිදු නොකළ යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සිය නත්තල් පණිවුඩයෙන් කියා සිටිති.

එම පණිවුඩය මගින් උන්වහන්සේ මෙසේ කියති.

පොලිතීන් භාවිතය නිසා පරිසරයට සිදුවන හානිය අවම කිරීම හා ඒ සම්බන්ධ පරිභෝජන භාණ්ඩ පරිහරණය අවම කිරීමටද ඒ තුළින් පරිසර දූෂණයකින් තොරව මෙම නත්තල සැමරීමටද අප අධිෂ්ඨාන කර ගත යුතුය.

එහිදී උන්වහන්සේ තව දුරටත් සඳහන් කර අත්තේ මෙලොවට බිහිවී ඇති සේම බිහිවීමට සිටින දරුවන් ගැනද අපගේ අවධානය යොමු කොට ඔවුන්ගේ අයිතිවාසිකම් ගැනද කතා කළ යුතු බවය.

ක්‍රිස්තුස් වහන්සේ කුඩා දරුවෙකු ලෙස අප අතර මාංශගත වීමට කටයුතු කළේ මෙම ළමා අයිතිවාසිකම් පිළිබඳව අපට අවබෝධ කර දෙන්නට හා වැඩිහිටි සමාජයෙන් දරුවන් රැකගැනීම සම්බන්ධව අපගේ අවධානය යොමු කිරීමට බව ද උන්වහන්සේ සිය නත්තල් පණිවුඩයේ සඳහන් කර තිබේ.

එමෙන්ම මිනිසෙකුගේ වටිනාකම රැදි ඇත්තේ ඔවුන්ගේ පැවැත්මේ ගෞරවය තුළ මිස ඔහු සතු ධනය බලය මත නොවන බව සඳහන් කරන අගරදගුරු හිමිපාණෝ නත්තලේ ප්‍රීතිය බෙදා හාදා ගත යුත්තේ මනුෂ්‍යත්වයේ උත්තරීතර බව සලකා ගෙන යයි ද කියා සිටිති.

එස්.ටී.පී.සිල්වා 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 184

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 203

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 311

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 458

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7065

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4636

Please publish modules in offcanvas position.

X

Right Click

No right click