Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වනජීවී වැඩ බලන සහකාර අධ්‍යක්ෂවරුන් අකුරට වැඩ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 15ක් පමණ තිස්සේ සහකාර අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි ආවරණය කරන නිලධාරීන් 203/2008 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ප්‍රකාරව සහකාර අධ්‍යක්ෂ  ධුරයට පත් නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව වනජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ආවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සංගමය දීප ව්‍යාප්තව සිය සහකාර අධ්‍යක්ෂ සේවාවලින් ඉවත්ව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම නිසා පෙරේදා (20)  සිට වනජීවි කලාපවල පරිපාලනය බිඳ වැටී ඇතැයි එම සංගමය පවසයි.
එම සංගමයේ ‍ලේකම් චන්න සුරවීර මහතා පැවැසුවේ වනජීවී සහකාර අධ්‍යක්ෂ ධුරයේ රාජකාරි කටයුතු ආවරණය කරන නිලධාරීන් වසර 15ක් 16ක් තිස්සේ සිය සේවාව ඉටු කළත් තවමත් ‍‍‍ජ්‍යෙෂ්ඨ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප යටතේ වෙනත් සේවාවක් ඉටු කිරීමට සිදුව ඇති බවයි.
එම වෘත්තීය සංගමය වැඩි දුරටත් පවසන්නේ මේ නිසා සහකාර අධ්‍යක්ෂ ධුරවල රාජකාරි කටයුතු සිදු කරන නිලධාරීන් 22ක ගේ පුරප්පාඩු අභ්‍යන්තරව පිරවීමට ශේ්‍රෂ්ඨාධිකරණය 2008 වසරේ ලබා දුන් නියෝගයත්, අභියාචනාධිකරණය මගින් 2016 දෙසැම්බර් 08 දින ලබා දුන් නියෝගයත්, තමන්ට කනිෂ්ඨ අඩවි ආරක්ෂක නිලධාරීන්ටත් වඩා අඩු වැටුපක් 06/2006 චක්‍ර‍ලේඛ විධිවිධාන අනුව ලබා දෙමින් බරපතළ වැටුප් විෂමතාවක් ඇති කර තිබෙන බවත් එම විෂමතාව විසඳා ගැනීමට මානව හිමිකම් කොමිසම 2014 දී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමත්, ක්ෂේත්‍ර නිලධාරීන්ට ගෙවන දිරි දීමනා තම සංගමයේ සාමාජිකයින්ට නොගෙවීමත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අභියාචනාධිකරණ තීන්දු හෑල්ලුවට ලක් කරමින් බලධාරීන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින නිසා අපට සාධාරණ විසඳුමක් දෙන තුරු මෙම ක්‍රියාමාර්ගයේ යෙදී සිටිනවා. ඒත් ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා.”
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි අවාරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ ‍ලේකම් චන්න සුරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රියන්ත බණ්ඩාර, ‍පොළොන්නරුව

fShare
2
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1487

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1762

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3023

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1609

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1936

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3507

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click