Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

31,000කට ද්විත්ව පුරවැසි භාවය

විදේශ රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 31000 ක්, පසුගිය වසර දෙකහමාර තුළදී ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා පැවැසීය. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් දෙපාර්තමේන්තුවට ලැබෙමින් තිබෙන අතර එම අයැදුම්පත් පරීක්ෂා කර සුදුස්සන්ට පුරවැසිභාවය ලබා දීමට කටයුතු කරන බවත් රණසිංහ මහතා පැවැසීය.
මේ අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත නව විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට කටයුතු කරගෙන යන බවත් එම ගුවන් බලපත්‍රය 2018 වසරේ අගභාගයේදී නිකුත් කිරීමට බලා‍පොරොත්තු වන බවත් ආගමන හා විගමන පාලක ජනරල් එම්. එන්. රණසිංහ මහතා පැවැසුවේය.
ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුවන් බලපත්‍රයක් නිකුත් කරන බවද ඒ මහතා පැවැසීය.
මෙම නව ගුවන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ ශඛ්‍යතා වාර්තා මේ වන විටත් සකස් කරමින් සිටින අතර එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ අනුකමිටුව වෙත යොමු කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් අනතුරුව නව ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම ආරම්භ කරන බව රණසිංහ මහතා පැවැසීය.
නව ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇතැයිද රණසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රසාදිකා ජයවර්ධන

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2457

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click