Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කැලණි පාලමේ සිට කොටුවට ගුවන් පාලමක්

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් මාර්ගයක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාජගිරියේදී පැවැසීය.
එමෙන්ම එම ගුවන් මාර්ගයේ දිගුවක් ලෙස රාජගිරිය, එච්.එස්.බි.සී. ගොඩනැගිල්ල පිහිටා ඇති ස්ථානය දක්වා තවත් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
මාර්ග තදබදය, රටේ ආර්ථික සංවර්ධනයට විශාල ප්‍රශ්නයක් වී තිබෙන බැවින් ඊට විසඳුමක් ලෙස කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් අවශ්‍ය බවත්, සෑම තැනම මාර්ග ඉදිකරනවා වෙනුවට යම් සැලැස්මක් අනුව මාර්ග ඉදිකිරීම  රජයේ අරමුණ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
දැනට ඉදිවෙමින් පවතින රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
මෙරට ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික රජය ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමේ දෙපසට තීරු දෙක බැගින් වෙන වෙනම ඉදි කරනවා වෙනුවට එක් වරම මංතීරු හතරම ඉදි කරන්නට තීරණය කර ඇති බවත් මෙය ලබන 2018 ජනවාරි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම මෙහිදී පැවැසීය. තීරු හතරම එක් වර ඉදිකිරීමට තීරණය කෙරුණු නිසා මේ ප්‍රදේශයේ වාහන
තදබදයක් ඇති වුණා. නමුත්  එම
තදබදය කෙටි කලකින් අවසන් වී ගමන් පහසුව සැලසීමට හැකියාව ලැබෙන අතර මෙම පාලම ඉදිකිරීමේදී වානේ කඳන් භාවිත කළ නිසා කඩිනමින් පාලමේ වැඩකටයුතු අවසන් කර ගැනීමට හැකියාව ලැබුණ බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මහනුවර සිට හම්බන්තොට දක්වාම සීඝ්‍රයෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ඉදිකිරීම සහ කොළඹ නගරයේත්, මහනුවර නගරයේන් වාහන තදබදය අඩු කිරීම රජයේ බලා‍පොරොත්තුව බවද වික්‍රමසිංහ මහතා කීය. මෙම නව මාර්ග ඉදිකිරීමේ වැඩසටහන නිසා එම නගරවල තදබදයන් බෙහෙවින් අඩුවනු ඇති අතර මීට අමතරව සැහැල්ලු දුම්රිය යෙදවීම වැනි වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බවත්, මේ සියලුමදේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය බවත්, අගමැතිවරයා කීය.
'මේ සියලු තීරණ සංවර්ධනයේ කොටසක් බව කිව යුතුයි. මෙම අඩිතාලම යොදන්නේ නැතිනම් අප බලා‍පොරොත්තු වන වෙනස ඇති කළ නොහැකියි. ආර්ථික, දේශපාලන, සමාජයීය වශයෙන් විශාල වෙනසක් ඇති කරන්නට අප බලා‍පොරොත්තු වෙනවා. ඒ අනුව ආර්ථික අංශයේ වෙනසක් ලෙස රාජගිරිය ගුවන් පාලම හැඳින්විය හැකියි. මෙම ගුවන් පාලම නිසා මේ ප්‍රදේශයේ වාහන තදබදයට විසඳුමක් ලැබේවි' යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි

fShare
1
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1488

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1764

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3024

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1611

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1937

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3508

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click