Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සැම්බියාවේ මත්ශාක ලංකාවෙන් ඇමෙරිකාවට

සැම්බියාවේ සිට මෙරටට ආනයනය කරවාගෙන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය රටවලට සෞඛ්‍යාරක්ෂිත “ග්‍රීන් ටී” ලෙසට ප්‍රති අපනයනය කිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍යමය ශාක කොටස් කිලෝ 542ක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ‍පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පෙරේදා (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස්,නාගලන්වීදිය ප්‍රදේශයේ මුද්‍රණාලයක් මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇත.
මෙම මත්ද්‍රව්‍යමය ශාක කොටස් සැම්බියාවේ සිට මෙරටට ගෙන්වා ගෙන ඇති අතර නාගලන්වීදිය ප්‍රදේශයේ පිහිටි ආයතනයේ සිට ඒවා ඇසුරුම් කර තිබේ.
‍පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේ ඇසුරුම් කටයුතුවල යෙදුන පිරිමි පුද්ගලයන් හා කාන්තාවක්ද ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 31 හා 18 වියේ පසුවන කැලණිය හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම මත්ද්‍රව්‍යමය ශාක කොටස් ටිප් ටොප් ලෙස සඳහන් සලකුණක් යටතේ හෙල්ත් ග්‍රීන් ටී ලෙස සඳහන් කර කිලෝ එකේ සිට ඉහළට පැකට් අසුරුම් කර ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ආදී රටවලට යැවීමට මොවුන් සූදානමින් සිට ඇති බවත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යමය ශාක කොටස්වල වටිනාකම මතෛක් තක්සේරු කර නොමැති බවත් ‍පොලීසිය පවසයි.
මීට පෙර අවස්ථාවකදීද මෙවැනි ජාවාරමක් තැපැල් දෙපාර්තමේන්තුව මගින්ද වටලා පසුව අවවාද කර මුදා හැර තිබූ බවත් ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ (21) දින මාලිගාකාන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
මේ සම්බන්ධයෙන් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඡයාරූප - ෆෑන්ක් ද සොයිසා

ශානිකා මාධවී පීරිස්
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4588

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click