Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංගමයටත් බෝනස්

පසුගිය වසර වලට සාපේක්ෂව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වන විට ආර්ථිකමය ප්‍රගතියක් ලබා ඇති බැවින් එහි තිස් දහසක් පමණ සේවකයන්ට රුපියල් පන් දහස බැගින් ප්‍රසාද දීමනා හෙවත් බෝනස් මුදලක් ලබා දී ඇත.

එහි සමාරම්භක උත්සවය අද(21) පෙරවරුවේ නාරහේන්පිට ශ්‍රීලංගම මූලස්ථානයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී එම උත්සවය ඇමතු අමාත්‍යවරයා මෙසේ කීය.

පසුගිය කාලයේ තමන් ශ්‍රීලංගම සේවකයෙකු යැයි හදුන්වා දීම සමහරුන්ට ලැජ්ජාවට කාරණයක් වුණා. නමුත් වර්තමාන සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ අවංක භාවය උත්සාහය හා කැපවීම නිසාත් ශ්‍රීලංගම කාර්ය මණ්ඩලවල ධෛර්ය සහ උත්සාහය නිසාත් අද මේ තත්වය උදාකර ගැනීමට අපට හැකිව තිබෙනවා. ඒවගේම ශ්‍රීලංගම සේවකයන්ට හිමිවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය හැකි ඉක්මණින් ගෙවා නිම කිරීමටත් ඉදිරියේදී විශ්‍රාම යන සේවකයන්ගේ විශ්‍රාමික පාරිතෝෂිත (Gravity)හැකි ඉක්මනින් ගෙවා නිම කිරීමටත් ඉදිරියේ කටයුතු කෙරෙනවා ඇති. ඇමතිවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

පෞද්ගලික බස් හා තරඟකාරී ලෙස බස් ධාවනය කිරීමට ශ්‍රීලංගමයට සිදුවෙලා තියෙනවා. මම පෞද්ගලික බස් හිමියන්ට කිව්වා ශ්‍රීලංගමයේ බස් මගීන් පෞද්ගලික බස් වෙත අද්දවා ගන්න නම් ලංගමයට වඩා හැම අතින්ම හොඳ බස් සේවයක් ලබා දෙන්න කියා. මම මාර්ග ආරක්ෂණ අධිකාරියට කීවා වැඩියෙන් අනතුරු වලට ලක්වෙලා තියෙන්නේ ලංගම බස් රථද පෞද්ගලික බස් රථද යන්න සොයා බලන්න කියා. එතකොට 60% ක් පමණ වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සහ 40%ක් වන ලංගම බස් රථ ප්‍රමාණයෙන් අනතුරු වෙන ප්‍රතිශතය වෙන වෙනම බලන්න පුළුවන්.

මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංගම සභාපති රමාල් සිරිවර්ධන, මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාවේ සභාපති සිසිර කෝදාගොඩ, ශ්‍රීලංගම ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත බාලසූරිය සහ ශ්‍රිලංකා ගමනා ගමන මණ්ඩලයේ කාර්යමණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

සහන් සංකල්ප සිල්වා

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 34

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 174

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6914

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4536

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6025

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6711

Please publish modules in offcanvas position.

X

Right Click

No right click