Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගජමුතු 7ක් සමග දෙදෙනකු අත්අඩංගුවට

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට ගෙනා රුපියල් ලක්ෂ එකසිය පනහක් පමණ වටිනා ගජමුතු හතක් සමග පුද්ගලයින් දෙදෙනකු ගම්‍පොළ විශේෂ කාර්ය බළකාය කඳවුරේ නිලධාරීන් විසින් පෙරේදා (19) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහනුවර, හීරුස්සගල උද්‍යානයේදී මෙම වැටලීම කර තිබේ. 
මහියංගනය හා බණ්ඩාරවෙල පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා කිසිවකුත් සැක නොසිතන ලෙස බස් රථයකින් මෙම ස්ථානයට පැමිණ ඇති අතර ලද තොරතුරකට අනුව ගම්‍පොළ විශේෂ කාර්යබළකා නිලධාරීන් එම ගනුදෙනුව සිදුවන ස්ථානයේ රැකවල්ලා සිට ඇත.
රුපියල් ලක්ෂ 150ක් පමණ වටිනා මෙම ගජමුතු හත (7) බණ්ඩාරවෙල පදිංචිකරුවා ළඟ තිබි ඇති අතර මහියංගනයේ පදිංචිකරුවා මෙහි තැරැව්කරුවා ලෙස කටයුතු කර ඇත.
පසුගිය කාල සීමාව තුළ මිය ගිය අලි ඇතුන් හා මෙම ගජමුතු අතර සම්බන්ධතාවක් ඇතිදැයි යන්න පරීක්ෂණ අරඹා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර ‍පොලීසිය වෙත භාරදී තිබේ. සැකකරුවන් ඊයේ (20) දින මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහනුවර නුවරඑළිය කලාප අණදෙන නිලධාරී ස.‍පො.අධිකාරි ඒ.ඒ.යූ. රණසූරිය මහතාගේ උපදෙස් මත ගම්‍පොළ කඳවුරේ අණදෙන නිලධාරී ‍පො.පරීක්ෂක බි.ජී. ගැමුණු ශාන්ත, ‍පො.ප. පරීක්ෂක, ලිලංක, උ.‍පො.ප. මදනායක, උ.‍පො.ප. බණ්ඩාර, උ.‍පො.ප. රණතුංග, උ.‍පො.ප.ජයවීර, ‍පො.සැ. 190 ධර්මදාස, ‍පො.කො. වරුන්වන 79475, තෙන්නකෝන්, 69211 ලීලාරත්න, 84104 ප්‍රියංකර ‍පො.කො.රි. 14070 වික්‍රමආරච්චි යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
 
එස්.ඩී. රාජනායක - ගම්‍පොළ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click