Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පෙළ‍පොත් නොමි‍ලේ දීම අත්හිටුවා නැහැ

රජය පාසල් සිසුන්ට නොමි‍ලේ පෙළ‍පොත් ලබා දීම අත්හිටුවා ඇති බව ඇතැම් පාර්ශ්ව ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි. ඉලංගසිංහ මහතා පවසයි. 
අරපිරිමැස්ම සහ ‍පොත් සංරක්ෂණය සිසුන්ට හුරුකරවීම අරමුණු කරගනිමින් හය, හත අට ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් පැරණි ‍පොත්වලින් 25 ප්‍රතිශතයක් නැවත ප්‍රයෝජනයට ගැනීමට උපදෙස් දී ඇතැයි ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි. එමෙන්ම එම ‍පොත්වලින්ද භාවිතයට සුදුසු ‍පොත් පමණක් සිසුන්ට ලබා දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයිද ඉලංගසිංහ මහතා පවසයි. 
ඉතිරි සිසුන්ට නව ‍පොත් මුද්‍රණය කර ලබාදීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. නවවන ශ්‍රේණියට නව විෂය නිර්දේශය යටතේ පෙළ ‍පොත් මුද්‍රණය කළ යුතු අතර මුද්‍රණ ක්‍රියාවලියේ දෝෂයක් නිසා ‍පොත් කිහිපයක් පාසල් නිවාඩුවට පෙර ලබා දීමට නොහැකි වූ බවත්, ඒවා ඊයේ (20) සිට පාසල්වලට  බෙදා හැරීමට කටයුතු කළ බවත් ඒ මහතා පවසයි. 
එබැවින් කිසිදු රජයේ පාසලක සිසුවෙක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් පෙළ ‍පොත්  මිලදී ගැනීමට අවශ්‍ය නොවන බවද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා  පෙන්වා දෙයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click