Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මනෝගනේෂන් ඉණිමගෙන් හා අලියගෙන්

තමා නායකත්වය දරන දමිළ ප්‍රගතිශීලි සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික් කිහිපයකින්ම එකමුතු ප්‍රගතිශීලි සන්ධානය යටතේ ඉනිමඟ ලකුණින් තරඟ වදින අතර අනෙක් දිස්ත්‍රික්කවල අලියා සළකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ වදින බවන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අනූව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය කොළඹ මහනගර සභාවෙන් තරඟ වදිනුයේ එකමුතු ප්‍රගතිශීලි සන්ධනාය යටතේ ඉනිමඟ ලකුණින් බවත් ඒ මහතා පැවසීය. එලෙස කොළඹ මහ නගර සභාවෙන් තනිව තරඟ වදිනුයේ, එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයෝ තම පක්ෂය කඩාකප්පල් කිරීම සඳහා උත්සහ දැරූ බැවින් යැයිද  අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ප්‍රාදේශීය සභා හතර මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවලින් ඉනිමඟ ලකුන යටතේ තරඟ වදින බවත් අමාත්‍යවරයා පැවසීය. නාවලපිටියේ ප්‍රාදේශීය සභා දෙකකින් එක්සත් ජාතික  පෙරමුණ යටතේ තරඟ වැදීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
මේ අනූව මහනුවර, මාත‍ලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, කොළඹ, ගම්පහ ආදි දිස්ත්‍රික්ක වලින් තම පක්ෂය තරඟවැදීමට නියමිත බව හෙතෙම පැවසීය.
එමෙන්ම තම පක්ෂය යටතේ දෙමළ අපේක්ෂකයන් පමණක් නොව සිංහල හා මුස්ලිම් අපේක්ෂකයන්ද නාමයෝජනා ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය. මෙවර පළාත්පාලන මැතිවරණය පවත්වන්නේ කොට්ඨාශ ක්‍රමය යටතේ වන අතර එය ඉතාමත් සුපිරි ක්‍රමවේදයක් බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍ය පලනි දිගම්බර් මහතා ඇතුලු පිරිසක් සහභාගිව සිටියහ.
 
ප්‍රසාදිකා ජයවර්ධන
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4586

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click