Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තේ තහනමට ඇස්බැස්ටස් සම්බන්ධ බව හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ තේ රුසියාවෙන් තහනම් කිරීම හා රජය විසින් ඉවත්කරනු ලැබූ ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය ගෙන්වීමේ තහනම අතර සම්බන්ධයක් ඇති බව ඊයේ (20) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය. 
එළැඹෙන ජනවාරි 01 දා සිට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය රට තුළට ගෙන්වීම තහනම් කරන බව රජය මීට පෙර දැනුම් දී තිබුණත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පෙරේදා (19) පැවැති සාකච්ඡාවකදී ඇස්බැස්ටස් තහනම තාවකාලිකව ඉවත්කිරීමට තීන්දුකර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණි. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද මේ සඳහා පිළිතුරු දීමට කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ සිටියේය.
කැබිනට් තීරණ ‍ලේඛනයේ අවසන් වගන්තිය ලෙස රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම ගැන සඳහන් කර තිබුණත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම තීරණය කැබිනට් මාධ්‍ය හමුවේදී ඉදිරිපත් නොකළේය. මෙහිදී ලක්බිම ඇමැතිවරයාගෙන් ඒ පිළිබඳව විමසූ විට ඇමැතිවරයා පැවැසුවේ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමට ගත් තීන්දුව කැබිනට් තීරණයක් නොවන බවයි.
ඇමැතිවරයා එසේ සඳහන් කළත් කැබිනට් තීරණ ‍ලේඛනයේ සඳහන් කර තිබුණේ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම කැබිනට් තීරණයක් බවයි.
මෙහිදී පිළිතුරු දුන් නවීන් දිසානායක මහතා පැවැසුවේ ඇස්බැස්ටස් තහනම හා අපගේ තේ රුසියාව විසින් ප්‍රතික්‍ෂේප කිරීම අතර සම්බන්ධයක් ඇති බවට නිල නොවන ආරංචි ලද බවයි. 
ඒ අතර රුසියාවෙන් මෙරටට ආනයනය කෙරෙන සුදු ඇස්බැස්ටස්වල සෞඛ්‍යයට අහිතකර බවක් ඇත්දැයි දැනගැනීමට සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් රුසියාවට යැවීමට රජය කටයුතු කරන බව නවීන් දිසානායක මහතා පැවැසීය. ඉන්පසු රුසියාවෙන් අපට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවද ඔහු පැවැසීය.
පරිසරය ගැන ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා රජය කටයුතු කරනවා සේම ජාත්‍යන්තර වෙළෙඳාම හා ඒ හරහා යැපෙන ජනතාව ගැනත් රජය තීන්දුගත යුතු යැයි නවීන් දිසානායක මහතා පැවැසීය. ශ්‍රී ලංකාවෙන් තේ රුසියාවට යන බවත් රුසියාවෙන් ඇස්බැස්ටස් කුඩු මෙරටට ආනයනය කරන බව පැවැසූ නවීන් දිසානායක මහතා මේ කාරණ දෙක අතර සම්බන්ධයක් ඇතිදැයි බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තීන්දුවකට එළැඹිය හැකි බවද නවීන් දිසානායක මහතා පැවැසීය. 
 
පානුක රාජපක්ෂ
 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2461

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click