Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වැලිකන්දේ සද්දන්තයාට අකල් මරණයක්

වැලිකන්ද සිංහපුර ප්‍රදේශය දෙවනත් කළ මුරණ්ඩු අලියෙකු ඊයේ (19) සවස මියගිය බව වනජීවි නිලධාරිහු පවසති. මෙම අලියා ඉකුත් මාසයේ පමණක් මහවැලි සිංහපුර දිඹුලාන හා පැරකුම්යාය ඇතුළු ප්‍රදේශවල නිවාස 25ක් පමණ කඩා බිද දමා තිබූ අතර ප්‍රදේශවාසින්ගේ හා නිලධාරින්ගේ ඉල්ලීම අනුව මෙම අලියා අල්ලා ඉවත්කිරීම සදහා වනජීවී නිලධාරින් මීට දින පහකට පමණ පෙර සිංහපුර ප්‍රදේශයේ කූඩාරම් ගසා ගෙන සැලසුම් සකස් කර තිබුණි.

කෙසේ වෙතත් මෙම අලියාට දින කිහිපයක් තිස්සේ නිර්වින්දන එන්නත් විද ඇතත් අලියා වැටී නැති අතර ඊයේ (19) සවස 3.00ට පමණ මුතුවැල්ල ප්‍රදේශයේ වන ගත ප්‍රදේශයක වැටී ඇත. එහි දී ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබුණේ අලියා මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අලියා මිය යාමට නිශ්චිත හේතුව කුමක්දැයි යන්න මෙතෙක් පැහැදිළි නැතත් අද (20) ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර හා සමීර කළිගුආරච්ච් යන මහත්වරුන් විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතය. 

ප්‍රදේශවාසින් පවසන්නේ මෙම අලියා කොතරම් නිවාස කඩා බිද දැමුවත් මෙම සත්වයාගේ මරණය තමන් කෙසේවත් අනුමත නොකරණ අතර අලියා ඇල්ලීමට යාමේ දී මෙම මරණය සිදුව ඇති බවත් ය. මේ කරුණ සම්බන්ධයෙන් නිලධාරීන් කෙරෙහි ප්‍රදේශවාසීන්ගේ අප්‍රසාදය එල්ලවී ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප පොලොන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම් ජේ.වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු යමක් පැවසිය හැකි වුවද දිවයින පුරා සහකාර අධ්‍යක්ෂවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙන බැවින් ඒ ගැන සොයා බැලීම තමන්ට අදාළ කාර්යයක් නොවන බවය.

කෙසේ වෙතත් මෙම අලි මරණයත් සමග පොලොන්නරුව මහවැලි කලාපයේ පමණක් මේ වසර තුළ මියගිය වන අලින් ගණන 39දක්වා ඉහළ ගොස් ඇත. මීට දින 5කට පෙර සිංහපුර ප්‍රදේශයේම විදුලිසැර වැදී අලියෙකු මියගොස් තිබුණි.

ප්‍රියන්ත බණ්ඩාර - පොලොන්නරුව

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1493

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1328

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1415

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1577

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7746

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click