Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආණ්ඩුවේ බියර් සහනයට ජනපතිගෙන් විරෝධය

ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියට අනුව බියර් හෝ අරක්කු භාවිතය සඳහා සහන ලබාදීම සුදුසු නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය. සිගරට්, අරක්කුවලින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීමද නුසුදුසු බැවු සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. නිදහස් සෞඛ්‍ය සේවය තුළ අප ඉතාමත් යහපත් ප්‍රතිඵල ලබා තිබෙනවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ පිළිකා රෝගියෙකුට ලබා දුන්නේ ලක්ෂ 15ක මුදලක් පමණයි. එය වැඩි කිරීමට උත්සහ කළත් අද එය කිරීමට හැකිව තිබෙනවා. අවශ්‍ය මුදලක් අවශ්‍ය පරිදි ලබාදීමට අද අප කටයුතු කරනවා.
වෛද්‍ය සේවය මෙන්ම ඉතාමත් හොඳ හා අතුරු වෛද්‍ය සේවයක්ද තිබෙනවා. අන්තර් ජාතික කීර්තියක් අපගේ සෞඛ්‍ය සේවයට ලැබි තිබෙනවා.
මේ වකුගඩු රෝගීන් සඳහා ලබන 06 වෙනිදා ‍පොළොන්නරුවේ, රෝහලක් ආරම්භ කරනවා. චීන රජයෙන් ලැබුණු ආධාරයක් ලෙස තමයි එය ඉදිකෙරෙන්නේ. අප රජයක් ලෙස වකුගඩු අරමුදලක් ඇති කළා. ඔවුන් සඳහා වෙනම මධ්‍යස්ථාන 2ක් ආරම්භ කළා.
මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා පුළුල් ජාතික වැඩසටහනක් අප දියත් කර තිබෙනවා. ඒ හරහා රටේ දුම්පානය විශාල ලෙස අඩු කිරීමට, අවම කිරීමට අපට හැකි වුණා. ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියක් අප ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ තුළ බියර් හෝ අරක්කු හෝ භාවිතය සඳහා සහන ලබාදීම සුදුසු වන්නේ නැහැ. එසේම සිගරට් හා අරක්කුවලින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සුදුසු නැහැ.
හෙළ වෙදකම පිළිබඳ විශාල වැඩකොටසක් අප ඉටු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටත්, කෘෂිකර්මය නැංවීමටත් රජයක් හැටියට අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා.
අපගේ රජය දුප්පත් ජනතාවගේ හෘදය ස්පන්දනය හඳුනාගෙන වැඩ කරන රජයක්. එසේම ජාතික සංවර්ධන ඉලක්ක ජය ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
සෑම අමාත්‍යවරයෙකුටම නිදහසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය මා ලබාදී තිබෙනවා. නිවාස සංවර්ධ වැඩසටහන කාර්යශූරව ඉටු කරන දක්ෂ ඇමැතිවරයෙක් අපට සිටිනවා.
ජාතික නිවාස සංවර්ධන සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මා අදාළ සියලුදෙනාට ස්තුතිය පළ කරනවා.
නිදහස් සෞඛ්‍යයෙන් බලා‍පොරොත්තුවෙන් රන් නිරෝගිමත් ජනතාවක් ඇති කිරීමයි. මිනිසුන් සතුටින් ඉන්නා ප්‍රමාණය අනුව රටේ අධ්‍යාත්මික සංවර්ධනය පෙන්නුම් කරනවා.

පැතුම් වික්‍රමරත්න/ ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1715

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1736

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1017

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2559

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4016

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10167

Please publish modules in offcanvas position.