Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රීලනිප නව සංවිධායකවරු 22 කට ජනපති අතින් පත්වීම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් විසි දෙදෙනකුට (22) පත්වීම් ලිපි ලබාදී තිබේ.
ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ඉකුත් 1 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වූ අතර ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාත‍ලේ දිස්ත්‍රික් නායකයා ලෙසද ඉකුත් 1 දා පත්කර තිබේ. මේ අතර පෙරේදා (2) දින එක්සත් ජාතික පක්ෂයේ ගම්‍පොළ නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. පහුගිය වසර කිහිපය පුරා ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
එමෙන්ම නුවරඑළිය ආසන සම සංවිධායක ලෙස රොෂාන් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ප්‍රදීප් චන්දන පෙරේරා හා නලින් සේනක දිසානායක, කොළඹ දිස්ත්‍රික්කය සඳහා චන්ද්‍රිකා ද සොයිසා, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අසාම් හමාඩ්, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා එම්. ආර්. එම්. බි. ඥානතිලක, පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් මල්පිනි විතාරණ, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පී. එච්. චම්පිකා නිරංජලී හා ඩබ්ලිව්. ඒ නාලනී, නින්දවුර් ප්‍රාදේශීය බල ප්‍රදේශය සඳහා වයි. එල්. සුලෙයිමා ලබේබේ, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සමන් ඉන්දික මානවගේ හා කේ. එම්. එස්. එස්. රත්නායක, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා එම්. එච්. එම්. සහිල්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මුස්ලිම් ජන ප්‍රදේශය සඳහා අබ්දුල් මජීඩ් ජාහිර්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා එස්. විග්නේෂ්වරන්, මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා එස්. සුජාන් හා ගුණරත්නම් හරිතරන්, මහනුවර දිස්ත්‍රික්කය සඳහා අලගර් සෙල්වකුමාරන්, රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා නිමල් ගාමිණී වීරසිංහ යන මහත්ම මහත්මීන් සඳහා පත්වීම් ලිපි පෙරේදා ජනාධිපති නිල නිවසේදී ලබාදුනි.
 
ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1845

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3267

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9030

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4681

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4848

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6575

Please publish modules in offcanvas position.