Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දළ පූට්ටුවාගේ ඝාතනයට තවත් ග්‍රාම නිලධාරීන් 2ක් අත්අඩංගුවට

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනකු ඇත් දළවලින් සකස් කළ පෙන්ඩන්ට් තුනක් සමග පෙරේදා (02) සවස නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
දෙදෙනෙකු ඇත් දළවලින් සකස් කළ පෙන්ඩන්ට් තුනක් සමග පෙරේදා (02) සවස නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මකුල්‍පොත  ග්‍රාම නිලධාරීවරයා ලෙස සේවය කළ මා එළිය, මුදුගමුව, පදිංචි, චමින්ද ආරියරත්න, (43) හා දොරවේරුව ග්‍රාම නිලධාරීවරයා ලෙස සේවය කළ මකුල්‍පොත, කොස්ගහ ඇළ පදිංචි ඉන්දික සේනාධීර (32) යන දෙදෙනාය. 
මොවුන් සන්තකයේ තිබි ඇත් දළ රන් කොපු යොදා සකස් කළ පෙන්ඩන්ට් 03ක් ද ‍පොලිස් භාරයට ගෙන තිබේ. 
මේ අතර කොට්ඨාස දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දළ පූට්ටුවාට වෙඩි තැබිමට යොදා ගත් බවට සැක කෙරෙන විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවිය හා උණ්ඩ 05ක් සමග පුද්ගලයකු ඉකුත් 01 දා මහව, කිරිඳිගල්ල මාර්ගයේ දැදුරුඔය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබුණි. 
ඊට පෙර දින (30) දා  නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා අඹන්‍පොළ ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සියඹලාව, මොරගොල්ලාගම ප්‍රදේශයේදී සැකකරුවන් පස් දෙනෙකු ඇත් දළ කැපීමට උපයෝගී කර ගත් කියත් පටි 03ක්, අත් කියතක කොටසක්, ඇත් දළවලින් සාදන ලද සිංහ රූප සහිත පෙන්ඩන්ට් 02ක්, ඇත් දළවලින් සාදන ලද සුර 01ක්, ඇත් දළ කොටසක් , කුඩා ගජ මුතු එකක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි. 
මෙම පුද්ගලයන් සය දෙනාම ඉකුත් 01 වෙනි දින මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 12 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්  පී. රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබුණි. 
අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඇත් දළ දෙක හා ගජ මුතු හයක් වලාන දූෂණ මර්දන අංශයට ලැබුණ තොරතුරක් මත ඉකුත් 22 දින සැකකරුවන් දෙදෙනකු සමග මොරගොල්ලාගම නිකවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.  අත්අඩංගුවට ගත් දළ දෙක දළ පූට්ටුවාගේම බව සැකහැර දැනගැනීමට ගල්කිරියාගම අඩවි වනජීවි ආරක්ෂක නිලධාරි ඩී. රාමසිංහ මහතා පසුගිය 28 මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී සමත් විය.  
ඒ අනුව යමින් ඇතා හෝ මළ සිරුර සොයා ගැනීමට වනජීවි නිලධාරීන් ‍පොලීසිය සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කළහ. එම මෙහෙයුම මගින් ඉකුත් 29 වෙනිදා මොරගොල්ලාගම, සොරව්වැව ඉස්මත්තේ තිබි දළ පූට්ටුවාගේ මළ සිරුර සොයා ගැණුනි. 
ඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ ඇතා මරා  දමා ඇත්තේ හිසට හා උදර ප්‍රදේශයට වෙඩි තබා බවත් ඒ මීට සති තුනකට පමණ පෙර බවත් අනාවරණය විය. ඇතාගේ දළ කපා ඇත්තේ සතා මිය යෑමෙන් පසුව බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව වන ජීවි නිලධාරීහු පැවැසූහ. 
ඇත් දළ දෙක හා ගජ මුතු හය අලෙවි කිරීමට සූදානම් වු දෙදෙනා ඒවා වෙනත් පිරිසකගෙන් මිලදී ගෙන ඇති බවත් ඊට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට සූදානම් වූ මොහොතේ අත්අඩංගුවට පත්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ‍පොලීසිය පැවැසීය. 
මේවා අලෙවි කිරීමට සූදානම් වූ මොහොතේ අත්අඩංගුවට පත් හේරත්ගම ග්‍රාම නිලධාරී අසංක සෙනරත් බණ්ඩාර හා ගල්ගමුව, නිතලව පදිංචි  හිටපු ‍පොලිස් කොස්තාපල්වරයකු වන ආර්.එම්. රුවන් නිලන්ත කුමාර යන සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 12 වෙනදා දක්වා රිමාන්ඩ් ගත කොට තිබේ. 
නිකවැරටිය කොට්ඨාස බාර ‍පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත අඹන්‍පොළ ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
 
ශානිකා මාධවී පීරිස් / ආනන්ද කරුණාතිලක - ගිරිබාව 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 819

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1510

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 779

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 2000

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 654

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4501

Please publish modules in offcanvas position.