Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාගම්පුර සේවකයන්ට යැවූ චක්‍ර‍ලේඛය අහෝසි කරන්න

මාගම්පුර වරාය සේවකයන්ට එහි සේවයට නොඑන ලෙසට දන්වා තිබූ චක්‍ර‍ලේඛය වහාම අවලංගු කරන ලෙසට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා විසින් නියෝග කර ඇත.
එම වරාය සේවකයන්ට 2017 නොවැම්බර් 30 වෙනිදා සිට සියලුම සේවකයන් හම්බන්තොට වරායේ සේවයට වාර්ත නොකරන ලෙස දැනුම් දෙමින් මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් එම චක්‍ර‍ලේඛය නිකුත් කර තිබේ.
අදාළ එම චක්‍ර‍ලේඛය වහාම අවලංගු කොට එම වරායේ සේවකයන්ට සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීමට ඉඩකඩ සලසා දෙන ලෙසට දැනුම් දෙමින් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියෝග කර ඇත.
ඉකුත් 30 වෙනිදා පස්වරුවේ වරාය පාලනාධිකාරිය හා එහි සේවකයන් සමග කම්කරු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා විසින් එම නියෝගය දී තිබේ.
මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති එම්.පී.එම්.සී./ සී.අයි.ආර්. 2017/18 දරන එම චක්‍ර‍ලේඛය මගින් කම්කරු නීති බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවද අමාත්‍යවරයා විසින් මෙහිදී  වරාය පාලනධිකාරිය වෙත අවධාරණය කර ඇත.
මාගම්පුර වරායේ 438 දෙනකු සේවය කරන අතර එම සේවක සේවිකාවන් හා පාලනාධිකාරිය අතර ඇති වී තිබෙන කාර්මික ආරවුල විසඳීම සඳහා කම්කරු ඇමැතිවරයා විසින් බේරුම්කරුවෙකු පත්කර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම නීති විරෝධී මෙන්ම නීතිය හෑල්ලුවට ලක් කිරීමක් යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
ආයතනයක අයිතිය වෙනස් වීමේදී නව අයිතිකරුවාට එම ආයතනය පැවැරිය යුත්තේ සේවකයන්ද සමග බවත් එසේ නොවන්නේ නම්  ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදලක් දී ඔවුන්ගේ සේවය අවසන් කළ යුතුව ඇති බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
එසේම මේ කුමන තීරණයකට එළඹියද එය සිදුවිය යුත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ සේවය අවසන් කිරීමේ පනතට අනුකූලව යැයිද අමාත්‍යවරයා මෙහිදී දැඩිව අවධාරණය කරමින් කියා සිටියේය.
මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ‘ලක්බිම’ට කියා සිටියේ දෙපාර්ශ්වය අතර සමථයකට අවස්ථා ගණනකදී සාකච්ඡා කර උත්සහ ගනු ලැබූ බවත් එසේ සමථයකට පැමිණීමට නොහැකිවීම නිසා අවසානයේ බේරුම්කරුවෙකුට මෙම ප්‍රශ්නය යොමු කිරීමට අමාත්‍යාංශය පියවර ගනු ලැබූ බවයි. බේරුම්කරු මේ ප්‍රශ්නයට මැදිහත් වෙමින් දෙපාර්ශ්වයේ කරුණු විමසමින් සිටින විට එයට පටහැනිව යමින් පාලන අධිකාරිය මෙම සේවකයන් ඉවත් කරන බවට ලිපියකින් දැනුම් දී තිබෙන බවත් එය කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යැයිද ඇමැතිවරයා කීය.
බේරුම්කරුවෙකුට යොමුකළ අවස්ථාවක සේවකයන් ඉවත් කිරීමට පාලන අධිකාරියට කිසිදු ෙනෙතික බලයක් නැති බවත්, නීතියට පටහැනිව කටයුතු කිරීමෙන් මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වී තිබෙන බවද පැවැසූ ඇමැතිවරයා සේවකයන්ට රැකියාවට එන්න එපා යැයි කියන දැනුම්දීම ඉල්ලා අස්කර ගන්නා ලෙසට වරාය අධිකාරියට කියා සිටින බවද කීය.
අප අතර කිසියම් වන්දි මුදලක් ලබා දී සේවකයන් ඉවත් කිරීම පිළිබඳව ‘ලක්බිම’ කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කර සිටියේ පාලනාධිකාරිය වන්දියකට එකඟ වුවත් එම වන්දිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.
කම්කරු අමාත්‍යාංශය රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටින අමාත්‍යාශයක් යැයිද පෙන්වා දුන් ඇමැතිවරයා හිතුමතේ සේවකයන් ඉවත් කිරීමක් හෝ ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් ලබා නොදී සිටීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද කීය. 
 
පද්මිණී මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 811

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1496

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 773

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1988

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 648

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4494

Please publish modules in offcanvas position.