Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුළි කුණාටුවෙන් 20,000ක් පීඩාවට:7ක් මරුට : 25ක් අතුරුදන්

දිවයින ආශ්‍රිතව වර්ධනය වූ ඕක්හි  සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් හත්දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙක් අතුරුදන් වී සිටියහ. 26 දෙනෙක් තුවාල ලැබූහ. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක පවුල් 4886ට අයත් පුද්ගලයන් 20,000ට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් තවත් පවුල් 179ක 1036ක් අවතැන් වී ඇති අතර ඔවුහු ආරක්ෂිත ස්ථාන 9ක තාවකාලිකව රඳවා සිටිති.
කොළඹ සිට හම්බන්තොට වෙරළ ප්‍රදේශ හා බදුල්ල නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක දොළහකට බලපා තිබූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 202 මුළුමනින් විනාශ වී ඇති අතර තවත් නිවාස 3250 අර්ධ ලෙස හානි වී ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 676ටද හානි වී තිබූ අතර මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩ ඇත.
දිවයින ආශ්‍රිතව පෙරේදා (29) වර්ධනය වූ පීඩන අවපාත තත්ත්වයන් සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් අතර වේගයකින් වැඩි වූ අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී තිබිණි. කොළඹ, ගාල්ල, කළුතර, පිළියන්දල, බණ්ඩාරගම, මාලඹේ, කොට්ටාව, මාතර, බදුල්ල, බණ්ඩාරවෙල, මාත‍ලේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ හේතුවෙන් විදුලිය බිඳවැටීම්ද වාර්තා වී තිබිණි. ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ ගණනාවක නිවාස හා ගොඩනැගිලි ලක්ෂ අටක පමණ විදුලිය බිඳවැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම් වාර්තා වූ අතර ඒ හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගිය අතර පවුල් 6ක් තාවකාලිකව ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර තිබිණි.
බදුල්ල, හාලිඇල, බෝගහමඩින්න, බකිනිගොල්ල ආදි ප්‍රදේශවල පස්කඳු කඩා වැටීම් වාර්තා වී තිබූ අතර, ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගය මතට ගල් පෙරළී ගොස් ඇත. ඊට අමතරව මාත‍ලේ, මහනුවර නගර ආශ්‍රිතවද පස් කඳු කඩා වැටීම් වාර්තා වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවැසීය. මහනුවර මැදදුම්බර හා දුනුවිල ප්‍රදේශවලත් බණ්ඩාරවෙල ප්‍රදේශයේත් මෙලෙස පස් කඳු කඩා වැටී ඇත. බණ්ඩාරවෙල කහතේවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙක් මියගොස් ඇත.
මේ අතර මාත‍ලේ, මහනුවර, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අදාළව බලපා තිබූ නායයාමේ අවදානම තවදුරටත් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවැසීය. තද සුළං හේතුවෙන් මාර්ගය ආසන්නයේ ඉදිකර තිබූ නාම පුවරුද විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබුණි.
මේ අතර ඊයේ (30) අලුයම මීගමුවේ සිට ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රා පෙරළීමෙන් අනතුරට පත්වූ ධීවරයන් සොයා ඊයේ (30) සවස වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබිණි.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඌව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත්වල සියලු පාසල් ඊයේ (30) දිනය තුළ වසා දැමීමටත්, එදින පැවැත්වීමට නියමිත වූ වාර විභාග කල් දැමීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.
මේ අතර හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ගවලට පස් කඳු කඩා වැටීම නිසා එහි ගමන් ගැනීම අනතුරුදායක බවත්, ප්‍රවේශ මාර්ගවල වැසි ජලය පිරීම හේතුවෙන්  යාල වනෝද්‍යානයේ කලාප අංක 2 කොටස තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඔක්හි සුළි කුණාටුව ඊයේ (30) සවස වන විට කොළඹ සිට කි.මී. 400ක් පමණ දුරින් බස්නාහිර දෙසින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබිණි. එම නිසා අද (1) වන විට පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් බලා‍පොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා කීය.
කෙසේ වෙතත් ඊයේ (30) උදෑසන 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ මේ හේතුවෙන් මිලිමීටර 185කට වැඩි වර්ෂාපතනයක් බණ්ඩාරවෙල පූනාගල වත්ත ප්‍රදේශයට ලැබි තිබිණි. තවත් ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් ලැබි තිබිණි.
අද (1) දිනයේදීත් බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල යෙදීම අවදානම් බවද ජනක කුමාර මහතා කීය.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 818

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1509

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 779

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 2000

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 654

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4501

Please publish modules in offcanvas position.