Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හානියට පත් පවුල්වලට 10,000ක මූල්‍යාධාරයක්

දිවයින පුරා පළාත් කිහිපයක පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයෙන් හානියට පත් පවුල්වලට රුපියල් දසදහස බැගින් මූල්‍යාධාරයක් කඩිනමින් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඊට අමතරව මෙම අධික සුළඟින් සහ වර්ෂාවෙන් හානියට පත් දෙපළ පිළිබඳව තක්සේරු වාර්තාවක් වහාම දෙන ලෙසද අගමැතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
එම හානිය තක්සේරු කිරීමෙන් පසුව ලබන සඳුදා (4) සිට දේපළ අලාභ හානි සඳහා වන්දි දීමට අදාළ විධි විධාන යෙදිය යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත. ඊට අමතරව මෝසම් තත්ත්වය වර්ධනය වී සුළි කුණාටු තත්ත්වයට පරිවර්තනය වීමෙන් දිවයිනේ දකුණු දිග වෙරළ තීරය ආශ්‍රිතවත් ඌව පළාතේ ප්‍රදේශ කිහිපයකත් සිදු වූ දේපළහානි පිළිබඳව සියලු තොරතුරු රැස් කරන ලෙසද අග්‍රාමාත්‍ය කාර්යාලයට උපදෙස් දී ඇත.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමට අනුව ස්වභාවික විපත් පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පක්ෂ නායක විශේෂ රැස්විමක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඊයේ (30) උදෑසනම සිදු වූ හානිය පිළිබඳව සොයා බලා පක්ෂ නායක රැස්වීමට එනවිට දළ වාර්තාවක් රැගෙන එන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් වූ අදහස්ද සැලකිල්ලට ගනිමින් ස්වභාවික ආපදාවෙන් විපතට පත් සියලු ජනතාවට ලබන සතියේ සිට වන්දි ගෙවීමටත්, උන්හිටි තැන් අහිමි වූ අය සිටීනම් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඊයේ උදෑසන සිටම සපයාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ලසන්ත වීරකුලසූරිට, ගයත්‍රි ගීගනආරච්චි








 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1845

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3267

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9029

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4681

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4848

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6575

Please publish modules in offcanvas position.