Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිල්වලා-ගිං කළු ගංගා පිටාර යයි

දිවයිනේ ප්‍රදේශ බොහොමයක පැවැති අධික වැසි  සහිත කාලගුණික තත්ත්වයත් සමග නිල්වලා ගඟ ගිංගඟ සහ කළු ගඟ පිටාර ගලමින් පැවැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නිල්වලා ගඟ ආශ්‍රිතව සහ එහි අතු ගංගාවක් වන තිරිමාර ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් සමග ඒ ආශ්‍රිත පිටබැද්දර, පානදුගම හා සපුගොඩ ආදී ප්‍රදේශ රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය “ලක්බිමට “ ප්‍රකාශ කළාය.
ඊට අමතරව කළු ගඟේ අතුගංගාවක් වන කුකු‍ලේ ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ  අතර ගිංගඟ ආශ්‍රිත තවලම, වත්තේගම ආදී ප්‍රදේශවලට ද ගංවතුර අවදානම  මතුවී තිබිණි.
කළුගඟ හා කැලණි ගඟ යන ප්‍රධාන ගංගාවල ඊයේ (30) සවස වන විට ගංවතුර අවදානමක් නොතිබුණද පවතින අධික වර්ෂාවත් සමග ඒවා ද අද (01) වන විට පිටාර ගැලීමට ඉඩ තිබෙන බවත් ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.
මේ අතර මධ්‍යම කඳුකරයේ  බටහිර් බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය ආශ්‍රිත බගවන්තලාව  මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමු ඔය ඊයේ (30) වන විට  පිටාර ගලමින් පැවැතිණි.
ඊට අමතරව ඉහළ කොත්ම‍ලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්ම‍ලේ ඔයේ ජලය පරිහරණය කරන ජනතාව විමසිලිමත් විය යුතු බවද දැනුම් දි තිබිණ.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1854

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3280

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9052

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4695

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4856

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6587

Please publish modules in offcanvas position.