Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොරියාවෙන් ලංකාවට තාක්ෂණික සහය

හෝමාගම ටෙක් සිටි (Tech city) හා කටුනායක එරෝ සිටි ආයතන ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එකඟත්වය පළකර තිබේ.
දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා සමග වූ නිල හමුවේදී කළ ඉල්ලීමට අනුව හෙතෙම මෙම එකඟත්වය පළකර ඇත. ජනාධිපතිවරු දෙපළගේ නිල හමුව ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණි.
දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 40 වසරක් සපිරෙන මෙම අවස්ථාවේදී සිදුවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතාවක තිර පදනමක් සකසන බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයින් මහතා පවසයි.
එමෙන්ම මේ සමග ඇරඹෙන දෙරට අතර මිත්‍රත්වයේ කීර්තිමත් පරිච්ජේදය දෙරටටම ප්‍රතිලාභ රැසක් උදාකර දෙනු ඇති බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊයේ පෙරවරුවේ සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මුන් ජෙයින් මහතා විසින් පිළිගත්තේ ඉතා උණුසුම් අන්දමිනි.
හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින්ද එම පිළිගැනීම සිදුවූ අතර ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස දෙරටේ ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් අලංකාරවත් අයුරින් සරසා තිබුණේ දෙරටේ දැඩි සබඳතාව මනාව පිළිබිඹු කරමිනි.
නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
දෙරටේ ද්වි පාර්ශ්වික සබඳතා නැවුම් ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කරගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, සම අත්දැකීම් ඇති රටවල් දෙකක් ලෙස එම සබඳතා සෑම අතින්ම ශක්තිමත් කරගැනීමට අවස්ථාව පවතින බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 5 කටද අත්සන් තැබිණි.
දෙරට අතර අත්සන් තැබුණු ආර්ථික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමට දකුණු කොරියානු ආර්ථික කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් අත්සන් තැබිය.
රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුමකටද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය සහ එරට රැකියා සහ කම්කරු අමාත්‍යවරයා විසිනි.
2017-2019 වසරවලට අදාළව ආර්ථික සහයෝගිත අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමකටද අත්සන් තැබුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊට අත්සන් තැබූහ.
ආයෝජන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ දකුණු කොරියානු වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය අතර අත්සන් තැබිණි. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සහ කොරියානු නියෝජිත ආයතනයේ ප්‍රධානියා මෙම ගිවිසුමට අත්සන් තැබිය.
දෙරට අතර සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි.
දෙරට අතර අත්සන් තැබුණු රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුම ඉදිරියේදී දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් වනු ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන රැකියා ප්‍රමාණය ඉහළ දමන ලෙසද දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ධීවර, ඉදිකිරීම් යන අංශවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දකුණු  කොරියාවේ පවතින රැකියා අවස්ථා ඉදිරියේදී කෘෂි කර්මාන්තය සහ පශු සම්පත් අංශයේ රැකියා දක්වා ඉහළ නංවන බව මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 815

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1503

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 776

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1994

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 652

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4498

Please publish modules in offcanvas position.