Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අල්ලස් දූෂණ විමර්ශන ප‍්‍රමාදයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරෙන පැමිණිලි විමර්ශනය කිරීම ඉතාමත් 
මන්දගාමී තත්ත්වයක පසුවන බවට පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවේදී අද (29)  කථානායකවරයාට දැනුම් දුන්හ.
පැමිණිලි සිදුකර බොහෝ කාලයක් ගතවුවද මේ වනතුරු එම බොහොමයක් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර නොමැති බවද ඔවුන් මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා වෙත පැමිණිලි කළහ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (29දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමෙන් පසුව මන්ත‍්‍රීවරුන් මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත චෝදනා කළහ.
බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ) - අල්ලස් පැමිණිලි විමර්ශනයට අදාලව නඩු පැවරීම් අඩුයි. මේ අල්ලස් හා දුෂණ කොමිසම සිදුකරන පර්යේෂණවල ප‍්‍රතිපල ලබාගැනීමට නම් විශේෂ ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අඩුම තරමේ විශේෂ අධිකරණයක් හෝ ඇති කරන්න.
අල්ලස් කොමිසමේ විභාග කරන පැමිණිලි සංඛ්‍යාව 2016 සිට අඩුවෙමින් තිබෙනවා. 2017 වසරේ මාස 06 ටම විභාගකර තිබෙන්නේ පන්සිය ගණනක්. නමුත් ආණ්ඩුව පත්වුණ 2015 වසරේ පැමිණිලි විභාග කිරීම 3000 ට ආසන්නව පැවැතිලා තිබෙනවා. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරලා බල බින්දට පස්සේ අල්ලස් කොමිසේ පැමිණිලි විභාග කිරීම අඩුවෙමින් තිබෙනවා. අල්ලස් කොමිසමෙ කාර්යක්ෂම කරන්න පුළුවන් නිලධාරීන් ටිකක් පත්කරන්න කියා අපි ආණ්ඩුවට කියනවා.
කථානායක කරු ජයසුරිය,
ව්‍යස්ථා කමිටුව මගින් අමතර නිලධාරීන් 50ක් අල්ලස් කොමිසමට ලබාගැනීමට අවසර ලබාදී තිබෙනවා. ඒ අය ඉතා ඉක්මණින්  බඳවාගනීවි.
බුද්ධික පතිරණ මහතා (එ.ජා.ප), 
මම මන්ත‍්‍රීවරයෙක් විදිහට ගිහිල්ලා පැමිණිලි 02 ක් කර තිබෙනවා. එක පැමිණිල්ලක් 2015 දී සිදුකළේ. අද වෙනකම් කිසිම තොරතුරක් නැහැ ඒ ගැන. අනිත් පැමිණිල්ල කළේ මේ අවුරුද්දේ මාර්තු මාසේ ඒගැනත් කිසිම තොරතුරක් නැහැ. ඉබිගමනේ යන අල්ලස් කොමිසම යම් වේගවත් බවක් ඇතිකළ යුතුයි.
රංජිත් සොයිසා මහතා (එ.ජ.නි.ස),
මමත් අල්ලස් කොමිසමට පැමිණිලි 02 ක් කර තිබෙනවා. ගිය අවුරුද්දේ පැමිණිලි කළේ. රජයේ පාර්ශ්වයේ ඇමැතිවරුන් දෙදෙනෙකුට විරුද්ධව. තවම ඒ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් කරලා නැහැ.
චමින්ද විජේසිරි මහතා (එ.ජා.ප),
මමත් මන්ත‍්‍රීවරුන් 06ක් සමග ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා ඒක තවම විභාග කරලා නැහැ.  නමුත් මීට වසර ගණනකට කලින් වෙනත් කවුද දාපු පැමිණිල්ලක් විභාගකරන්න ගිහින් තියෙනවා. ඒ නිසා පැමිණිලි විභාග කිරීම කඩිනම් කළ යුතුයි අද බොහෝදෙනා එන්න බැරිව හැංගි හැංගි ඉන්නවා. මහා සංඝරත්තනය උපයෝගී කරගමින් එන්න බයේ  හැංගි හැංගි ඉන්නවා.
ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා,
ගංවතුර ආධාරවලට කෙහෙල්ගෙඩි බෙදුවා කියලා මට ෆෙස්බුක් එකේ අපහාස කළා. මම කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ඒක සීඅයිඞී එකට පැමිණි කළා. අදාළ පුද්ගලයා අහුවුණා. ඒක නිතීපති එකට දැම්මා කිව්වා. මාස ගණනක් ගිහිල්ලා නමුත් අදවෙනකම් කිසිම දෙයක් නැහැ. මට මෙහෙමනම්  සාමාන්‍ය මිනිහෙක්ට කොහොම වෙයිද?
නිහාල් ගලප්පත්ති මහතා (ජ.වි.පෙ),
මම 2005 පැමිණිල්ලක් කළා සුනාමි අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන්. අද වනතුරු ඒ අණ්ඩුවෙන්වත් මේ ආණ්ඩුවෙන්වත් එයට කිසිම දෙයක් සිදුකර නැහැ. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. යැයි මන්ත‍්‍රීවරන් පැවසුහ. 
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2014 පැමිණිලි 2345 ක් ලැබී ඇති අතර 2015 වසරේ පැමිණිලි  3913 ක්ද 2016 වසරේ පැමිණිලි 3450 ලැබී තිබේ. මේ වසරේ (2017) ජුනි මාසය දක්වා පැමිණිලි  1322 ක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ විය.
එම පැමිණිලි අතුරින් 2014 වර්ෂයේදී පැමිණිලි 1999 විභාග කර ඇති අතර 2015 වසරේ 2810 විභාග කර තිබේ. 2016 වසරේ විභාග කළ පැමිණිලි 2242 වන අතර මේ වසරේ (2017) ජුනි මාසය වනවිට  විභාග අවසන් කළ පැමිණි ගණන 803 බවද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ විය.
මේවනවිට විභාග කරමින් පවතින පැමිණිලි  අතර 2014 වසරේ පැමිණි 346, 2015 වසරේ පැමිණිලි 1095 ක්, 2016 වසරේ පැමිණිලි 1208 ඇති අතර මේ වසරේ (2017)  ජුනි දක්වා වන පැමිණිලි 519ක් ඇති බවද මෙහිදී දැනුම් දුන්නේය.
මෙම විභාග කර ඇති පැමිණිලි අතුරින් අධිකණයේ නඩු පවරා ඇති 2014 වසරේදී මහාධිකරණයේ 52ක් සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ 12 වන අතර ඒ අනුව එකතුව 64 කි.
2015 වසරේ මහාධිකරණයේ නඩු 76 සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු 32 ලෙස නඩු 108කි. 2016 වසරේ මහාධිකරණයේ නඩු 43ක් සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු 44ක් ලෙස ලෙස නඩු 87ක් පවරා ඇත.
2017 ජුනි මහාධිකරණයේ නඩු 22ක් සහ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු 17 ලෙස නඩු  39ක් ගොනුකර ඇති බව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1854

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3280

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9051

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4694

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4856

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6586

Please publish modules in offcanvas position.