Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති කැළඹිලි සහගත තත්ත්වයත් සමග ඉදිරි දින කිහිපය තුළ කාලගුණය ඉතා අයහපත් බව දැක්වෙන රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව එහි බලපෑම මත දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බැවින් ඉදිරි දින දෙක තුන තුළ ධීවර හා නාවික කටයුතුවල යෙදීම ඉතා අවදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. 
විශේෂයෙන්ම විටින් විට තද සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 80 පමණ දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. පවතින තත්ත්වය අනුව කාලගුණය ඉතා අයහපත් බව දැක්වෙන  රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බවද ඒ මහතා කීය. 
දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති පීඩින අවපාත තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපෙරොත්තු වන නමුත් පළාත් කිහිපයකට අද (30) දිනයේදී තද වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යාඥ  නිමල් ගුණසේකර ඒකනායක මහතා කීය. ඒ අනුව දකුණ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා ඌව පළාත්වල මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසිත් ආනෙක් පළාත්වල මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවකුත් ලැබිය හැකි බව ඒ මහතා කීය. 
මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාත‍ලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල නාය යෑම්, පස්කඳු කඩා වැටීමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවැසීය. 
එමෙන්ම වැසි තත්ත්වය තවදුරටත් පැවැතියහොත් ගංගාවල ජල මට්ටම ද ක්ෂණිකව විය හැකි බැවින් ගංගා දෙපස සිටින ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය. 
 
ගයත්‍රි ගීගනආරච්චි 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 818

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1509

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 779

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 2000

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 654

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4501

Please publish modules in offcanvas position.