Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගෝඨා අත්අඩංගුවට ගැනීම වලකන අතුරු තහනම් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොණු කළ නඩුව පොදු දේපල පනත යටතේ පවත්වාගෙන යාම වලක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවා ඇත.

ඒ දෙසැම්බර් 6දා දක්වා වලංගු වන පරිදිය.

ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රජයේ මුදල් රුපියල් මිලියන 30ක් සාපරාධී අයුරින් පරිහරණය කළ බවට ඔහුට එරෙහිව අධිකරණය වෙත මෙම නඩුව ගොනු කර තිබුණේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගිනි.

එහෙත් ඩී.ඒ.රාජපක්ෂ සොහොන් ස්මාරකය සහ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාව සමඟ සිවිල් ගිවිසුමක් ඇති කරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ කටයුතු කළ නොහැකි බව විත්තිපාර්ශවයේ නීතිඥයන් පෙන්වා දීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය පනවන ලදී.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  මහත්මිය අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ලබා දෙන නියෝගය පිළිබඳව නීතිපති වරයාගෙන් කරුණු විමසීමක් සිදු කොට නොමැති බවකි.

කෙසේ හෝ අදාල නියෝගය ලබන දෙසැම්බර් 6දා ක්‍රියාත්මක කරන බව අභියාචනාධිකරණයේ සභාපති ඩී.එල්.පී.දෙහිදෙණිය සහ ශ්‍රියාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිසුරු මණ්ඩලය අද නියෝග කර ඇත.

එස්.ටී.පී.සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4690

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.