Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගල්ගමුවේ ඇත් රජුගේ සිරුර සොයා කැණීම්

ගල්ගමුව ප්‍රදේශයේ සැරි සැරූ 'දළ පුට්ටුවා' නමින් හැදිවෙන සද්දන්ත ඇතා කිසිවෙකු විසින් රහසිගතව ඝාතනයකර සිරුර අප්‍රකට ස්ථානයක වළ දමා ඇතැයි යන සැකය මත ඊයේ(28) පොලීසිය, පොලිස් විශේෂ බලකාය, සිවිල් ආරක්ෂක බලකාය සහ වනජීවී සංරක්ෂණ නිළධාරීහු පොල්පිතිගම, හේරත්ගම ගලහිටියාව වැව් තාවුල්ලේ සැකකටයතු ස්ථානයක කැණීම් ආරම්භ කර ඇත.

ඇත් දළ ලබා ගැනීම සඳහා මෙම දළ පුට්ටුවා මරා දමන්නට ඇතැයි යන සැකය මුලින්ම මතු වූයේ පසුගිය 22දා පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් විකිණීම සඳහා සූදානම් කොට තිබූ ඇත් දළ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මෙසේ අත්අඩංගුටව ගත් එක් අයෙකු ග්‍රාම නිලධාරියෙකු බව පැවසෙන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා පොලිස් සේවයේ හිටපු සාමාජිකයෙකු යැයි කියනු ලැබේ.

වයස අවුරුදු පනහක් පමණ වන මෙම දළ පුට්ටුවා මීට පෙර අවස්ථා කිහිපයකදීම දඩයම් කරුවන්ගේ ඉලක්කයක් බවට පත් වී තිබු අතර වෙඩි පහරක් නිසා ඔහුගේ ඇසක් අන්ධ වී තිබූ බවද ප්‍රදේශවාසිහු කියති.

ඉන් පසුව තරමක් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීම නිසා වනජීවි සංරක්ෂණ දේපාර්තමේනතුව මගින් මෙම සද්දන්තයා පොලොන්නරුව සෝමාවති ජාතික වන උද්‍යානයට ගෙන ගොස් දමා ඇති අතර ඉන් දින 40කට පමණ පසුව ඔහු තම වාසභූමිය වන ගල්ගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව ප්‍රදේශවාසිහු කියති.

ඒ එන ගමනේදී කැකිරාව ප්‍රදේශයේ වාහන පෙළකට පහරදීම නිසා මේ දළ පුට්ටුවා ගැන යළි කතා බහක් ඇතිවිය.

කෙසේ හෝ එම නිතී විරෝධී ඇත් දළ තබා ගත් පුදගලයන් දෙදෙනාගේ ප්‍රකාශ අනුව එම වැව ඉස්මත්තේ කැණීම් ආරම්භ කර ඇති අතර මෙම වන අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහි ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අනුව මෙම සද්දන්තයාට මෙම අපරාධය කළ වුන්ට එරෙහිව ගල්ගමුවේ වැසියන් විසින්දේව කන්නලව්වක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව අසන්නට ලැබේ.

දමයන්ති ගමගේ

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 805

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1480

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 763

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1974

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 642

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4484

Please publish modules in offcanvas position.