Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ නෙන්තිකුමාරගේ පෙත්සම ඉවතට

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් කුලී පදනම මත ලබාගත් සුපිරි නිවසක් අමාත්‍ය රවි කරුණානායක මහතාට පදිංචිය සඳහා ලබාදුන් බව බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී අනාවරණය කළ අනීකා විජේසූරිය මෙනෙවිය ඇතුළු පවු‍ලේ සාමාජිකයන්ට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන චෝදනාව යටතේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශනිල් නෙත්තිකුමාර මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) ප්‍රතික්ෂේප කළේය.
එකී පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමට තරම් නීතිමය පදනමක් නොමැති බවට නිගමනය කළ ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ හා අනිල් ගුණරත්න යන ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ නියෝගය අනුව බව අධිකරණයට පෙන්වා දුන්නේය.
වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි චෝදනා පෙත්සම්කරුට එල්ල වී ඇතිදැයි අනාවරණය කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට කළ එම නියෝගය අනුව පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බි වාර්තා මගින් කරුණු වාර්තා කළ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙත්සම්කරුට පැමිණෙන ලෙසට කළ දැනුම් දීම අනුව ඔහු මේ දක්වා කටයුතු කර නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සිදුනොකළ පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම නීති විරෝධී හා අයුක්ති සහගත ක්‍රියාවක් බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
පෙත්සම්කරු එම පෙත්සමේ හතරවන වගඋත්තරකාර විජිත් විජේසූරිය මහතාට හෝ ඔහුගේ පවු‍ලේ කිසිවකුට දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කිරීමක් නොකළ නමුත් විජිත් විජේසූරියට දුරකථන මගින් කතා කළ බව පෙත්සම්කරු පිළිගන්නේ යැයි ශනිල් නෙත්තිකුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
පෙත්සම්කරු විජිත් විජේසූරිය ලබාදුන් දුරකථන ඇමතුම් පෙත්සම්කරු පවසන පරිදි මිත්‍රශීලී ඇමතුම් නොවනා බව එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය. නුඹලා රවි අන්කල්ගේ නිවස වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වැය කළා. අපි පැරණි යාළුවෝ. නමුත් මම උඹලගේ පවු‍ලේ ඔක්කෝටම ගහනවා. යනුවෙන් පෙත්සම්කරු විජිත් දේවේන්ද්‍ර මහතාට ප්‍රකාශ කර ඇති බවත් අධිකරණය අවසර දෙන්නේ නම් එම හඬ පටය විකාශනය කර පෙන්වා දීමට හැකියාවක් ඇති බවද අස්ථික දේවේන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1718

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1739

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1018

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2560

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4017

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10170

Please publish modules in offcanvas position.