Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පෙත්සම්කරුවන් සමග සාකච්ඡාවට ත්‍රී පුද්ගල කමිටුවක්

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට,  පාර්ලිමේන්තුවේදී  පැවැති පක්ෂනායක  රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් හයදෙනා සමග සාකච්ඡා කිරීම සඳහා ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත් කිරීමටද මෙම පක්ෂ නායක රැස්වීමේදී යෝජනා වී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමැති ෆයිසර් මුස්තාපා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරු මෙම කණ්ඩායම සඳහා යෝජනා වී ඇත.
කිසිදු හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාදවීමට ඉඩ නොතැබිය යුතු බව මෙම රැස්වීමේදී සියලු පාර්ශ්වයන් අවධාරණය කර ඇත.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පක්ෂ නායක රැස්වීමට අගමැතිවරයා ප්‍රධාන සියලු පක්ෂ ප්‍රධානීන් නීතිපතිවරයා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සහභාගි විය.
පෙත්සමට අදාළ අධිකරණ තීරණය ඉක්මණින් ලබාගැනීම සඳහා අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කිරීම පිළිබඳවද මෙහිදී තීරණය වී ඇත.
එසේම ඉහත සියලු උත්සාහයන් අසාර්ථක වුවහොත් 2015 ඉදිරිපත්වූ සීමා නිර්ණ ගැසට්පත්‍රය උපයෝගී කරගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීමටද මෙහිදී තීරණය වී ඇත.
කලින් එකඟ වූ පරිදි ජනවාරි  මස පාළත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තුවේ පැවැත්වීමට අදහස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා  මෙහිදී ප්‍රකාශ කර ඇති බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පක්ෂනායක රැස්වීමේ අදාළ තීරණ පිළිබඳව පක්ෂ නායකයන් හා අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමේ වගකීම මෙහිදි කතානායකවරයාට පැවැරිණ.

පැතුම් වික්‍රමරත්න, ප්‍රසාදිකා ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1715

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1735

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1016

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2559

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4016

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10166

Please publish modules in offcanvas position.