Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුමින්දගේ අභියාචනයට සම්පූර්ණ විභාගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කර මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය  තීරණය කළේය.
තම පෙත්සම් විභාගය සම්බන්ධයෙන් විභාගය ලබන මාර්තු 29 වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී පැවැත්වීමට ද අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක්  තීරණය කළේය.
එම අභියාචනා පෙත්සම් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී  කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රමුඛ විත්තියේ නීතිඥවරුන් කළ කරුණුූ දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
2011 ඔක්තෝබර් 8 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැති දින හිඹුටාන මුල්‍ලේරියාව ප්‍රදේශයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා වලට වරදකරුවන් බවට 2015.09.08 වැනිදා 3/2 බෙදුනු තීන්දුවක් ලබාදෙමින් ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විත්තිකරුවන් පස්දෙනාට මරණ දඬුවම නියම කර තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 814

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1501

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 775

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1993

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 651

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4497

Please publish modules in offcanvas position.