Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපති විවේචනය කරන්න එපා

රැස්වීම් සාකච්ඡා පවත්වමින් ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ.
ඉදිරියේදී සම්මුතිවාදී රජයේ එකඟතාවන්ට බලපෑමක් වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඊයේ සවස පැවැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙම දැනුම් දීම කර තිබේ.
තමන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුරදී එ.ජා.ප මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පිළිබඳවද තමාගේ අවධානය යොමුවී ඇති බව පවසා ඇති අගමැතිවරයා තම අනුමැතියකින් තොරව මෙවැනි දේ නොකරන ලෙසද මන්ත්‍රීවරුනට දැනුම් දී ඇත.
ඉන්දියානු නිල සංචාරය නිමකරවා මෙරටට පැමිණීමෙන් පසු තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා කරුණු පැහැදිලි කර තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැති බව ෙමෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවයි. එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයිද ජනාධිපතිවරයා එහිදී කී බවද අග්‍රමාත්‍යවරයා මන්ත්‍රීවරුනට දැනුම් දී තිබේ.
ඒකාබද්ධය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම හෝ වෙන්වීම් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය සඳහා බලපෑමක් කරගත යුතු නැති බව අවධාරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා මෙම මැතිවරණවලින් ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ලසන්ත වීරකුලසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3279

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9047

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6585

Please publish modules in offcanvas position.