Coss Ear2
lakbima.lk
COSS Ear 1

අගමැති කොමිසම මගහරිනවා දැයි සැකයි

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට කොමිසම තීරණය කර ඇති නමුත් ඒ සඳහා පැමිණිය හැකි දිනයක් මේ දක්වා අගමැතිවරයා කොමිසමට දන්වා නැත්තේ කොමිසම මග හැර සිටීමේ අපේක්ෂාවෙන් දැයි ජනතාවට සැකයක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය. 
මුලදී අගමැතිවරයා ඕනෑ වේලාවක කොමිසමට එන්න සූදානම් කියලා නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා. නමුත් කොමිසම අගමැතිවරයාට ප්‍රශ්න යොමු කරලා ලිඛිත සාක්ෂි ලබා ගන්නේ අවශ්‍ය වුණොත් කොමිසමට කැඳවීමට සිදුවන බව  දන්වලයි.  අගමැතිවරයා ලබා දී ඇති ලිඛිත සාක්ෂිය මගින් ඇතැම් කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුව නැති නිසාත් කොමිසමට ලැබි ඇති ඇතැම් දුරකථන සංවාදවල අගමැතිවරයාගේ නම සඳහන් වී තිබිම නිසාත් අගමැතිවරයා කොමිසමට කැඳවන බව කොමිසම මේ වන විට නිවේදනය කර තිබෙනවා. 
එසේ තිබියදී අගමැතිවරයාට පැමිණිය හැකි දිනයක් ඔහු කොමිසමට දැන්වීමෙන් පසු ඔහුගෙන් සාක්ෂි සටහන් කර  ගැනීමට කොමිසමට සූදානම් වෙන්න පුළුවන්. ලබන දෙසැම්බර් 8 වනදා කොමිසමේ කාලය අවසන් වීමට පෙර මුළු රටම අගමැතිවරයා කොමිසමට පැමිණ කියන දේ අහන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දෝෂිභාවය හෝ අදාළ බැඳුම් කර ගනුදෙනුවට අදාළ තමන් දන්නා කරුණු කොමිසමට ප්‍රකාශ කරන්නට ලබා දී ඇති අවස්ථාව මගහැර ඔහුට රකින්නට රහස් ඇත්දැයි ජනතාව තුළ සැක මතුවන බවද පීරිස් මහතා කීවේය.  ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම ඒකාබද්ධයට සන්ධාන ගත වීමට කතා කරන්නේ මෙවැනි දෑ යට ගැසීමට දැයි සැකයක් මතුව තිබෙන බවද පීරිස් මහතා කීවේය. ආණ්ඩුව තුළ ප්‍රතිපත්තිය නොවන බව පෙන්වා දෙන පීරිස් මහතා රජයේ දැන් හෙළිදරව්වන දූෂණ හා හොරකම්වලට ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමටද වගකිව යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
 
ජයසූරිය උඩුකුඹුර 
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2497

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5369

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4763

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2859

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2814

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7412

Please publish modules in offcanvas position.