Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට නඩු

නාවික හමුදාව සිය නෞකාවක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමෙන් සිදුවූ රුපියල් බිලියන දෙකයි, මිලියන හාරසියයක අලාභය හිටපු නාවික හමුදාපති අද්මිරාල් සී. සී. විජේගුණරත්න ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
නීත්‍යනුකූල අන්දමින් ගිවිසුම් අත්සන් කර මුහුදු ආරක්ෂක සේවා සිදුකළ සිය සමාගමට අයත් එම නෞකාව 2015.11.13 වැනිදා ගාලු වරායේ ජැටියේ නවතා තිබියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් අත්පත් කරගත් බවත් එලෙස අත්පත් කරගනු ලබනුයේ නාවික හමුදා මූලස්ථානයෙන් ලද නියෝගයක් අනුව බව දැනුම් දුන් බවත් පෙත්සම්කාර සමාගම අධිකරණයට පෙන්වා දී තිබුණි.
සිය නෞකාව පමණක් නොව එහි තැන්පත් කර තිබූ ගිනි අවි පතරොම් ඇතුළු සියලු උපකරණද නාවික හමුදා නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගැනීම නිසා සිදුවූ එකී අලාභය ගෙවනා ලෙස සිය සමාගම නීතිඥවරුන් මගින් යවන ලද එන්තරවාසියට පවා වගඋත්තරකරුවන් මේ දක්වා පිළිතුරු හෝ එවා නැතැයිද පෙත්සම්කාර සමාගම අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
හිටපු නාවික හමුදාපතිවරයකු වූ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සී. සී. විජේගුණරත්න, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ටී. ජේ. එල්. සින්නයියා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්. එස්. රණසිංහ යන මහත්වරුන් හා නීතිපතිවරයා නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2499

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5372

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4765

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2859

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2814

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7416

Please publish modules in offcanvas position.