Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපතිගෙන් හමුදාවට ‍පොරොන්දුවක්

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට පෙනී සිටීමට රටේ නායකයා ලෙස තමන් සිටින තුරාවට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රණවිරුවන් ඉදිරියේ අවධාරණය කළේය.
රණවිරුවෙකු යම්කිසි වරදක් කර ඇත්නම්, ඒ පිළිබඳ විනිශ්චය කිරීම රටේ දැනට පවතින නීතියට අනුකූල අධිකරණය හමුවේ පමණක් සිදුවන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක්වීමට තමා ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යුද්ධ  හමුදාවේ  අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරු 350කට වැඩි පිරිසක් සහභාගිත්වයෙන් කොළඹ යුද්ධ හමුදා රෝහ‍ලේදී ඉකුත් 09දා සවස පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
අපේක්ෂාභංගත්වයට පත් වූ ඇතැම් දේශපාලනඥයන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන් විසින් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයට ලක් කොට දඬුවම් පැමිණවීමට තැත් කරන බවට විවිධ ප්‍රකාශයන් කරන
බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.එවැනි පදනම් විරහිත චෝදනා හා වැරදි සහගත ප්‍රකාශයන්වලට නොමග නොයන ලෙස ද ජනාධිපතිවරයා වැඩිදුරටත් රණවිරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ‍ලේකම් කපිල වෛද්‍යරත්න, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

කමණි හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1830

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2160

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4967

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2960

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1719

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2597

Please publish modules in offcanvas position.

Web Analytics