Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මා ජනපති ලෙස සිටින තුරු යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

“රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙනවා. යම් කිසිවෙකු වැරුද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇති. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඬුවම් පමුණවීමට තැත් කරන බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුලින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදි පවසිය යුතුයි.”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් ඊයේ (09) පස්වරුවේ දී කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අමතනු ලද අවස්ථාවේ දී එසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,

“ඔබ සියලුදෙනා කැපවීමෙන් රට ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණිම පිළිබඳවත් ජාතික ආපදාවන් ඇති වූ සෑම අවස්ථාවකදීම තම ජිවිත පරදුවට තබා ක්‍රියාකිරීම පිළිබඳවත් අප සියලුදෙනා ඔබ වෙත ණය ගැතියි. ජාතිය වෙනුවෙන් නැඟි සිටින ඔබ සියලුදෙනා ජාතික ආපදාවන්, වසංගත උවදුරු, නායයෑම් ආදි අවස්ථාවල දී සෑමවිටම පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා‍. සාමකාමි සමාජයක් ලෙසින්, සාමය, සංහිඳියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ සහාය තවදුරටත් අවශ්‍යයි.”

යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයට සම්ප්‍රාප්ත වූ සන්නද්ධ හමුදා සේනාධිනායක පදවියද හොබවන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින්  පිළිගනු ලැබ ප්‍රධාන දේශන ශාලාව වෙත කැටුව යන ලදි‍‍.

ඉන් අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රධාන ආරාධිත ජනාධිපතිතුවරයාට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර දක්වා දේශනයට පැමිණ සිටි පිරිස පිළිබඳ වාර්තා කළේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කෙටි දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා පිළිගෙන එතුමන්ගේ දේශනය පැවැත්වීමට ආරාධනා කරන ලදි.ජනාධිපතිවරයා සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් අමතමින් මෙම හමුව සංවිධානය කිරිම පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන්ට සහ යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තුතිවන්ත වූ අතර, ඔවුන් රට වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මෙහෙය තවදුරටත් ඉටු කළ යුතු බැව් ද සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ජනාධිපතිවරයා, ලෝකයේ කිසිදු මානුෂික අයිතිවාසිකම් සංවිධානයකට කිසිම පදනමක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බලපෑම් සිදු කිරිමට ඉඩ නොදෙන බවත් ස්වෛරි රාජ්‍යයක් වශයෙන් කිසිදු අතපෙවීමකින් තොරව අපගේ ගැටළු විසදාගැනීමට අපට ඇති හැකියාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කොට ඇති බවත්  පැවසීය.

“ඇතැම් ප්‍රකාශ කටකතා සහ අපව අවතක්සේරු කරන්නන්ට නොරැවටි මාව විශ්වාස කරන මෙන් මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී ඔබ සියලුදෙනා විසින් ඉටු කරන ලද විශිෂ්ට මෙහෙය මා අගයන අතර, ජාතියක් වශයෙන් සාමය හා සංහිඳියාව ඇතිකිරීම උදෙසා ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. එසේම ඉතිහාසයේ දී මෙන් නොව කිසිදු රණවිරුවෙකුගේ විදේශ සංචාරයන්ට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් මා තරයේ අවධාරණය කරනවා යැයිද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.”එමෙන්ම සියලුදෙනා විසින් ඉතා දුෂ්කරතා මධ්‍යයේ ලබාගත් සාමය, රටේ සෞභාග්‍යය ඇති කිරිමෙහිලා තවදුරටත් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා දැනට පවතින යහපත් තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීමට රජය විසින් සෑම උත්සහායක්ම ගන්නා බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතයේ දී ලොව විශිෂ්ට හමුදාවන්ගෙන් එකක් බවට පත් කිරීමට කටයුතු ඉටු කරන බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා භට පිරිස් අමතමින් සිදු කළ දේශනය අවසානයේ දී ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් විය. ඉන්පසු දේශනයට සහභාගි වූ හමුදා සාමාජිකයින් සමඟින් සුහඳව අදහස් ද හුවමාරු කර ගත්තේය.

ජනාධිපතිවරයාගේ දේශනය සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකයින් 30,000 කට අධික පිරිසකට නැරඹිමට අවස්ථාව සලසමින් එම දේශනය සජීවිව විකාශනය කරන ලදි.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3830

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5826

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3511

Please publish modules in offcanvas position.

X

Right Click

No right click