Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැඳුම්කර කොමිසම පත්කළාට ආණ්ඩුවේ අයගෙනුත් දොස්

බැඳුම්කර ගණුදෙනුව සෙවීමට කොමිසමක් පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේ සුළු පිරිසක් තමාට චෝදනා එල්ල කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) පැවැසීය. අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකට  එක්වෙමින් ජනාධිපතිවරයා අද (8) මෙම අදහස් පළ කළේය.
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළද, තමන් එය කරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටු කරමින් වංචා දූෂණ පිටු දැකීම සඳහා ජනතාවට දුන් ‍පොරොන්දු ඉටු කිරීමට බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. 
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලු දෙනා වගකිව යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත්‍ර ච්ෙතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගා ගත්තේ පසුගිය යුගයේ කළ වැරදි නැවත කිරීමට නොවන බවද අවධාරණය කළේය.
සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටු කිරීම උදෙසා සියලු දෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යයද සැමට සමාන විය යුතුබවත්, වැරදිකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
තමා ජනාධිපති ධුරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධුරයෙන් ඉවත්ව යාමට සූදානමින් බව පැවසූ ජනාධිපතිවරයා තමන් විසින් නිවැරදිව කරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලු දෙනාගේ වගකීමක් බවද ප්‍රකාශ කළේය. ලබන ජනවාරි 08 වනදාට වසර 03ක් සපිරෙන යහපාලන රජය විසින්  ඉටු කරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින්  සිදු කරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදු කළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවීම බවද ජනාධිපතිවරයා පැවැසීය.
පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ පිළිරුව සඳහා ද ජනාධිපතිවරයා අතින් ඊයේ මුල්ගල තැබුණි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ  මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල  විමලරතන, තීනියාවල පාලිත යන  ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන  නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්ද මාදුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
පානුක රාජපක්ෂ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 692

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1267

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1100

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 848

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5534

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3653

Please publish modules in offcanvas position.