Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තෙල් අර්බුදයට ජනපතිගෙන් කමිටුවක්

දිවයින පුරා මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) කැබිනට් මණ්ඩල රැස්වීමේදී පියවර ගෙන තිබේ. 
ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු මෙම කැබිනට් අනු කමිටුවට පත්කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් අද (7) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විෂය භාර අමැති අර්ජුන රණතුංග මහතා පවතින අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට දීර්ඝ පැහැදිලි කිරීමක්ද කර තිබේ.
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුම් සොයා දින පහක් ඇතුළතදී වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙම අනුකමිටුවට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම්, ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුව පිළිබඳව වහා පරීක්ෂණ පවත්වන බවත් මෙය කාගේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, වරදකරුවන්ට දඬුවම් දෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින තෙල් ටැංකිවල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක සංචිතයක් පවත්වා ගත හැකි බවත් එම ප්‍රමාණය දින 30 ත් 45 ත් අතර මෙරට අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙරටට ගෙන්වන ලද ඉන්ධන නැවක් ප්‍රමිතියෙන් තොර වීමත්, පසුගිය 2 දා මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන නැව ප්‍රමාද වීමත් සපුගස්කන්ද පිරිපහදුව අක්‍රිය වීමත් පසුපස කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් වූයේද යන්න පිළිබඳ සැක සහිත බවද දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3830

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5826

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3511

Please publish modules in offcanvas position.

X

Right Click

No right click