Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙල් නැව් දෙකක් ළඟදීම ලංකාවට

දැනට මෙරටට පැමිණෙමින් ඇති තෙල් නැවට අමතරව ඉන්දියාවෙන්ද තවත් තෙල් නැවක් ඉදිරි දින කීපය තුළ මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
ඉන්ධන හිඟයෙන් ජනතාව අපහසුතාවයට පත්වීම පිළිබඳව කනගාටුවට පත්වන බවත් ඉන්ධන ගැටලුව පිළිබඳව අද (7) පාර්ලිමේන්තුවේ මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඉන්ධන ගබඩා කිරීමට ඉන්ධන ටැංකි දියුණු කර, තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඉදිරියේදී ඇතිකරන බවත්, මතුව ඇති මෙම අර්බුදයට ලංකා ඉන්දීය තෙල් සමාගම වගකිවයුතු යන චෝදනාව පිළිගත නොහැකි බවත් අගමැතිවරයා මෙහිදී පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.
අපි ඉන්දියාව සමග කතා කළා ඔවුන් සමග එකතු වෙලා තෙල් ටැංකි දියුණු කරන්න. මෙතැන තියෙන තෙල් ටැංකි ටික ඇති ලංකාවටත් ඉන්දියාවේ කොටසකටත් තෙල් ගබඩාකරගෙන තබාගන්න. ඒ නිසා අපි බැලුවේ මෙය තෙල් මධ්‍යස්ථානයක් කරගන්න. නව පිරිපහදුවක් චීනය විසින් හම්බන්තොට හදන්න සූදානම්.
අපි තෙල් ගන්නවද නැද්ද යන්න තීරණය කරන්නේ කමිටුවකින්. ඒ කමිටුව ප්‍රතික්‍ෂේප කළාම ඉන්දියන් තෙල් සමාගමත්, ඛනිජ තෙල් සංස්ථාවත් ඒ තෙල් ප්‍රතික්‍ෂේප කරනවා. අපි මතක තබාගත යුතුයි රටේ පෙට්‍රල් වර්ජනයක් තිබියදී ඉන්දියන් තෙල් සමාගම තිබූ නිසා අපේ ජනතාවට තෙල් ලබාගැනීමට හැකිවුණා. නැවට මොකද වුණේ? ඇයි ප්‍රමාද වුණේ කියා ඇමැතිවරයා පැහැදිලි කරාවි. අපි තීරණය කළා ඒ ගැන සොයාබලන්න. දැනට මේ දවස් කිහිපයට අවශ්‍ය තෙල් තිබෙනවා. මෙතන අර්බුදයට ලංකා ඉන්දියානු තෙල් සමාගම වගකිව යුතුයි කියන චෝදනාව මම පිළිගන්නේ නැහැ.
මට ඕනෑනම් පෙන්වන්න පුළුවන් මේක කව්ද ප්‍රමාද කළේ කියලා. නව තෙල් පිරිපහදුවක් ගේන්න හදනකොට කවුද විරුද්ධ වුණේ කියලා?
ජනාධිපතිවරයා හා මම අදත් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග කතා කළා. දැනට එන තෙල් නැවට අමතරව ඉන්දියාවෙන් තවත් තෙල් නැවක් මේ සති අන්තය වන විට එනවා. දැන් නැව් දෙකක් තිබෙනවා.
තෙල් නැව ගැන කතාව පැතිර ගිහිල්ලා වාහන හිමියන් අපහසුතාවයට ලක්වුණා. ත්‍රීරෝද රථ රියැදුරන් වරින්වර තෙල් ඕන වෙනවා. මම දුටුවා සමහරු පැය හතරක් විතර ‍පෝලිම්වල හිටියා. සමහරු මටත් බැන්නා. ඔවුන්ගේ අපහසුතාවය මම දන්නවා. මම කණගාටු වෙනවා.
 
විමල් වීරවංශ මහතා,
තෙල් සංස්ථාව නියෝගයක් දී තිබෙනවා භාජනවලට තෙල් දෙන්න එපා කියලා. වාහන ගෙවල්වල නතරවෙලා. ඒ නිසා බැරල්වලට තමයි ගන්න වෙන්නේ.
 
කථානායකවරයා,
ඇමැතිතුමා කැමැතිද උත්තර දෙන්න.
 
විමල් වීරවංශ මහතා,
ඇමැතිතුමා කැමැතියි. ඇයි මේ බාධා කරන්නේ කථානායකතුමා?
 
කථානායකවරයා,
ස්ථාවර නියෝග අනුවයි මම කියන්නේ?
 
විමල් වීරවංශ මහතා,
මම කතාකරද්දී තමයි හැම ස්ථාවර නියෝගයක්ම. ලෝකේ හොඳම නායකයා කියනවා. ජාත්‍යන්තරය දිනුවා කියලා කියනවා. ඒ වුණාට තෙල් ටිකක් හදිසියකට ඉල්ලගන්න කෙනෙක් නැහැ.
 
අගමැතිවරයා,
මම අගමැති කාලයේ කථානායකතුමා ඇමැති, ඒ කා‍ලේ අපි ඉන්දියාවේ වජ්පායි සමග කතාකරලා එහිදී ගත් තීරණයකට අනුවයි මේ තීරණය ඇමැති මණ්ඩලය විසින් ගත්තේ. ඒක හොඳ නැතිනම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇයි? ඒ ගිවිසුම අවලංගු කළේ නැත්තේ? දැන් බැනලා වැඩක් නැහැ.
 
පැතුම් වික්‍රමරත්න, ප්‍රසාදිකා ජයවර්ධන

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2213

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1231

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5385

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3116

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5209

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6468

Please publish modules in offcanvas position.