Coss Ear2
lakbima.lk
COSS Ear 1

සාකච්ඡා අසාර්ථකයි සයිටම් සටන දිගටම

මාරාන්තික උපවාසයක සිටින රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයන්හි ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (7) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
සයිටම් ආයතනය අහෝසි කිරීමකින් තොරව මෙම මාරාන්තික උපවාසය නතර නොකරන බව දෙමාපිය සංගමයේ ඒකමතික තීරණය වූ නමුත් සාකච්ඡාවට සහභාගි වූ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එය අහෝසි කිරීමට නීතිමය කරුණු බලපා ඇතැයිද සඳහන් කළේ යැයි හෙතෙම පැවැසීය.
කෙසේ නමුත් නීති සාදන්නේ මිනිසුන් වන අතර නීති කඩන්නේද එම මිනිසුන්ම බවත් එම නීතිය ඔවුන්ට වෙනස් කළ නොහැක්කේ ඇයි ද යන්න සාකච්ඡාවට සහභාගි වූ දෙමාපියන් මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව වෛද්‍ය කරුණාසිරි මහතා කීය.
කෙසේ නමුත් සයිටම් ආයතනය අහෝසි කරනවා වෙනුවට ඇතැම් පිරිස් එය රැකගැනීමට තවදුරටත් කටයුතු කරමින් පවතින බව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
හර්ෂ ද සිල්වා කමිටුව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී දෙමාපිය සංගමයට ප්‍රකාශ කළේ යැයිද සඳහන් කරන වෛද්‍ය කරුණාසිරි මහතා තවදුරටත් පවසා සිටියේ මෙම ගැටලුවට විසඳුමක් ලබාගන්නා තෙක් සටන් කරන බවය.
 
ශ්‍රියානි විජේසිංහ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 686

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1253

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1091

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 839

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5523

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3645

Please publish modules in offcanvas position.