Coss Ear2
lakbima.lk
COSS Ear 1

අරියා‍ලේ නිවසක ලක්ෂ 21ක හොර නෝට්ටු

යාපනය අරියා‍ලේ නිවසක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යුවළක් රුපියල් විසි එක් ලක්ෂ හැට අට දහසක් (21,68,000) වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග යාපනය ‍පොලීසිය මගින් ඊයේ (6) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය මෑතකදී අත්අඩංගුවට පත් විශාලම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය බවද ‍පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය, මනියතෝට්ටම්, හතර වන පටුමග පදිංචි විසිහය හැවිරිදි පුද්ගලයෙක් හා දහනව හැවිරිදි කාන්තාවකි.
මෙම යුවළ නිවස තුළ කලක සිට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන බවට යාපනය ‍පොලීසියට ලද තොරතුරකට අනුව පෙරේදා සවස 6.00ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.
නිවස තුළ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 400ක්, 1000 නෝට්ටු 168ක්, මෙම නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍ර 02ක් ස්කෑනර් යන්ත්‍රයක්, ලැප් ටොප් එකක්, ඩොන්ගල් එකක් හා ජංගම දුරකථන දෙකක් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර යුවළ හා දේ‍පොළ ඊයේ (07) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ‍පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 
ශානිකා මාධවී පීරිස්

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1247

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 709

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4111

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2361

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4393

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5549

Please publish modules in offcanvas position.