Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් විරෝධී පා ගමනින් මහනුවර පේරාදෙණි මඟ ඇහිරෙයි

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද (07) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මහනුවර දක්වා විරෝධතා පා ගමනක නිරතවූහ.

 මෙම පා ගමන හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූ අතර රථවාහන තදබදය වැළැක්වීම සදහා පොලීසිය දැඩි උත්සාහයක නිරත විය.

සයිටම් ආයතනය ජනසතු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවන ව්‍යාජ විසදුම් ලබා නොදිය යුතු යැයි පා ගමනට එක්වූවෝ සදහන් කළහ.

ආණ්ඩුවෙන් නිවරැදි විසදුමක් ඉල්ලා විවිධ පිරිස් විරෝධතා පළ කරන බව කී ඔවුන් මේ පිළිබදව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කොට ඉදිරියේදී ජන පවුරක් නිර්මාණය කොට දැවැන්ත ජන විරෝධතාවක් පළ කරන බව කීහ.

විරෝධතාවයෙහි නිරතවූ සිසුන් ගැටඹේ, ගුඩ්ෂෙඩ් බස් නැවතුම ඇතුළුව ස්ථාන හතරකදී ටයර් පුලුස්සා විරෝධතා පළ කළ අතර මහනුවර නගරයේදී පඹයන් දෙදෙනෙකු ගිනි තබමින් සිය විරෝධතාව පළ කළහ.

මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබුණු මෙම විරෝධතාව සදහා සිසුන් පන්සියයකට අධික පිරිසක් සහභාගීවී සිටියහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1945

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1052

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5006

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2878

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4958

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6178

Please publish modules in offcanvas position.