Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හඬකවන එතෙර ටෙලි නාට්‍ය බද්ද ඉහළට

ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාමක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත කරන ලද ඉල්ලීමට අනුව දැනට අයකරනු ලබන ගාස්තුව වැඩිකර ඇත.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේද වලට දැනට අයකරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශය කරනු ලබන ඇතැම් විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, අනන්‍යතාවය හා ආචාර ධර්ම වලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්‍රයටද සිදුවන්නා වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව, ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

කෙසේවුවද සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍ය, චිත්‍රපට වල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අයකිරීමෙන් නිදහස් කෙරේ.

එම නව ගැසට් නිවේදනය අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන මුදල පහත පරිදි වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1705

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2070

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4889

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2907

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1675

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2548

Please publish modules in offcanvas position.

Web Analytics