Coss Ear2
lakbima.lk
COSS Ear 1

සත්වැනි බොදු සමුළුවේදී ලෝක බෞද්ධ දිනයක් නම් කිරීමට යෝජනා

ලෝක බෞද්ධ සභාවක් පිහිටුවීම හා ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත්කරලීම වෙනුවෙන් සත්වැනි බෞද්ධ සමුළුවේදී යෝජනා ඉදිරිපත් කෙරුණු බව එම සමුළුවේ තීන්දු තීරණ හා යෝජනා රැසක් කොළඹ ප්‍රකාශනය ඉදිරිපත් කරමින්, සමුළු මහ‍ලේකම් පූජ්‍ය වේරගොඩ සාරද මහනායක හිමියෝ ඊයේ (5) සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (5) පැවැති සත්වැනි බෞද්ධ සමුළුවේ සමාප්ති උළෙලට එක්වෙමින් සාරද හිමියෝ මෙලෙස කොළඹ ප්‍රකාශනය ඉදිරිපත් කළහ.
සෑම වසරකම අප්‍රේල් 8 වැනි දින ලෝක බෞද්ධ දිනය වෙනුවෙන් නම්කර එය ලොව පුරා ප්‍රචලිත කරලීමට මෙහිදී විශේෂයෙන් කරුණු අවධාරණය කෙරුණු බවද සාරද හිමියෝ පැවැසූහ.
ඈත අතීතයේ ලොව ඉහළම බෞද්ධ අධ්‍යාපනික ආයතනයක්ව පැවැති නාලන්දා විහාරය යළි ජපානයේදී අලුතින් ගොඩනැංවීමටද කටයුතු යොදා ඇති බව සාරද හිමියේ මෙහිදී ප්‍රකාශ කළහ. 
එය නව බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ලබන වසරේ ජපානයේදී යළි පිහිටුවන බවද සාරද හිමියෝ ප්‍රකාශ කළහ.
සත්තපන්ති ගුහා ශ්‍රවණාගාරයද යළි ජපානයේ ගොඩනැංවීමටද කටයුතු යොදා ඇති බව කොළඹ ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සාරද හිමියෝ සඳහන් කළහ.
මීළඟ බෞද්ධ සමුළුව ජපානයේ කතෝ නගරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද උන්වහන්සේ පැවැසූහ.
එකමුතුකම වැඩිදියුණු කර ඒ මගින් ලොව පුරා ධර්ම ප්‍රචාර කටයුතු දියත් කිරීමටත්, ධර්මය තුළින් සාමය ගොඩනැගීමටත් මෙහිදී කටයුතු යොදන බව සාරද හිමියෝ පැවැසූහ.
 
පැතුම් වික්‍රමරත්න
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 42

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2969

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6226

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5202

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3115

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3069

Please publish modules in offcanvas position.