Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල මත විමසුමක්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ අදහස් ලබා ගැණෙන ජනමත විමසුමක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇති අතර, මෙම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අදාළව පස් දින විවාදය අනිද්දා (8) නිමා කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ වබේ අඩවි සහ ෆේස්බුක් ඔස්සේ මෙම ජනතා අදහස් ලබා ගැනීමේ මත විමසුම ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව වබේ අඩවි හා ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද “වබේ කමෙන්ට්” මගින් මෙරට මෙන්ම විදෙස් රටවල ද සිටින ශ්‍රී ලාංකිකයන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බව රජය පවසයි. 
ආසියා පැසිෆික් කලාපයේ රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා  මෙලෙස  අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ජනතාවගේ අදහස් විමසන  ප්‍රථම අවස්ථාව මෙය බව ද රජය පවසයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන යෝජනා සුදුසු පරිදි සකස් කර සංස්කරණය කිරීම සඳහා තරුණ වබේ හා ෆේස්බුක් ක්‍රියාකාරීන්ගේ දායකත්වය ගැනීමේ වැඩපිළිවෙලක් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලැබෙන සියලු වැදගත් යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අවධානය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද අගමැතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
 
ලසන්ත වීරකුලසූරිය/ ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1024

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1549

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4418

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2579

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1430

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2302

Please publish modules in offcanvas position.

Web Analytics