Coss Ear2
lakbima.lk
COSS Ear 1

පාර්ලිමේන්තුව ගැන සොයන්න ‍පොදු රද මඬුලු කණ්ඩායමක්

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ‍පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කණ්ඩායමක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (5) සඳහන් කළේය. රජයේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අන්තර්ජාතික පාර්ලිමේන්තුවටද පැමිණිලි කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. 
“වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී විවිධ අණ පනත් සම්මත කර ගැනීමේදී නියමිත පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය නොකර නීති විරෝධීව  කටයුතු කරනවා. මේ නිසා ව්‍යවස්ථා අර්බූදයන් පවා නිර්මාණය වෙනවා. අපි මේ තත්ත්වය වළක්වා ගන්න පාර්ලිමේන්තුවේදී උත්සහා කළත් ඩීල් විපක්ෂයත්් රජයට සහය දී ඔවුන්ගේ නීතිවිරෝධී කටයුතු අනුමත කර ගන්නවා. ඒ නිසා අපට ජාත්‍යන්තරයෙන් සහය ලබාගෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව අපි අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරලා තිබෙනවා. අපි ‍පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තුවට පැමිණිලි කරන්න එහි යන්න සූදානම් වෙද්දී ඔවුන් අපේ රටට පැමිණෙන බව දන්වා තිබෙනවා” යැයිද මන්ත්‍රීවරයා කීවේය. 
‍පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කණ්ඩායමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වී ඇති අවස්ථා සාක්ෂි සහිතව පෙන්වා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද ගුණවර්ධන මහතා කීවේය. 
 
ජයසූරිය උඩුකුඹුර 
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2512

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5393

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4777

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2868

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2822

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7430

Please publish modules in offcanvas position.