Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විද්‍යා ඝාතකයන්ට පැනයන්න උදව් කළ අය සොයති

යාපනය ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ ඝාතකයින්ට පලායාමට සහයෝගය දුන් බවට සැකකරන පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාපනය ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශිවකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තාට ‍පොලිස් අත්අඩංගුවේදී පලායාමට සහාය පළ කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේදී මතුවූ කරුණු පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පෙරේදා (4) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
තවද ස්විස් කුමාර් නමැත්තාට පලායාමට සහාය දුන් ශ්‍රී ගජන් නමැති උප‍පොලිස් පරීක්ෂකගේ නිවස පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂාවට ලක්කර ඇති නමුත් එහි රැඳී සිට නොමැති බව ‍පොලීසිය පවසයි.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මරණීය දණ්ඩනය ලබා සිටින ස්විස් කුමාර් යන අයගෙන් හා විද්‍යා දැරියගේ සිදුවීම වන අවධියේ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටි දැනට වෙනත් හේතුවකට රිමාන්ඩ් බාරයේ සිටින ‍පොලිස් පරීක්ෂක කෙනෙකු වන චින්තක අමරසිංහ යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අවශ්‍ය ප්‍රකාශ කිහිපයක් ලබාගැනීම සඳහා පෙරේදා දින කයිට්ස් අධිකරණය මගින් ‍පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
ස්විස් කුමාර්ට පලායාමට අනුබල දීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධියට අදාළව මීට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන්ද ප්‍රකාශයක් ලබාගත් අතර හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් ජයසිංහ මහතාද අත්අඩංගුවට ගැනුණේද එම සිද්ධියට අදාළවය.
 
ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3960

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3703

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6773

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4183

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2608

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3415

Please publish modules in offcanvas position.

Web Analytics