Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාතාලයට කප්පම් දී මුතුරාජවෙල පරිසර සංහාරයක්

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සමීපයේ පිහිටි වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ පමුණුගම පොලිස් වසමට අයත් තුන්මෝදර ප්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමි සීමාවට අයත් විශාල බිම් කොටසක් අනවසර ගොඩ කිරීමකට ලක් වෙමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංවතුර වැලැක්වීමේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශවාසීන්ට අඟවමින් සිදු කෙරෙන මෙම අනවසර ගොඩ කිරීම සඳහා ටිපර් රථ මගින් ගල් පස් සහ ගොඩනැගිලි සුන්බුන් විශාල ප්‍රමාණයක් රාත්‍රී කාලයේ පවා ගෙනන බව ප්‍රදේශවාසිහු කියති.

එමෙන්ම  එම අනවසර ගොඩ කිරීම සඳහා පාතාල ලෝකයට කප්පම් දී ඒ පිළිබඳව හඬ නඟන පරිසර ලෝලීන් නිහඬ කිරිමේ වෑයමක් ඇති බවද පැවසෙයි. 

ප්‍රදේශයේ ගංවතුර වැලැක්වීමේ අවශ්‍යතාව අඟවමින් වත්තල ප්‍රාදේශීය ලේකම් වරියටත් ජාඇල සහ පමුණුගම පොලිස්ථානාධිපති වරුන්ටත් යැවීම සඳහා යැයි ප්‍රදේශවාසීන්ගෙන් ලිපියක් අත්සන් කරවා ගත් මෙම ගොඩ කිරීම සම්බන්ධ පුද්ගලයා මීට පෙරද මුතුරාජවෙළ ගොඩ කිරීම ඇතුළු පරිසර සංහාරයන් සිදු කොට පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාරගතව  මේ වන විට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවද ප්‍රදේශවාසිහු කියති.

මින් මුතුරාජවෙල පරිසර සංහාර සඳහා පාතාලයට කප්පම් දී ප්‍රදේශවාසීන් නිහඬ කරවීම සම්බන්ධයෙන් ද මොහු ප්‍රසිද්ධියක් උසුලන අතර ඉදිරියේ ප්‍රදේශයේ ගංවතුර අවදානම වැඩි කිරීම ඇතුළු බරපතල පාරිසරික උවදුරු රැසකට මුල් වන මෙම තෙත් බිම් සංහාරය පිළිබඳව අදාල වගකිව යුතු අංශ ක්‍රියාත්මක නොවීම කෙරෙහි ප්‍රදේශවාසිහු විස්මය පළ කරති.

ප්‍රසංග පෙරේරා ජා ඇල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1835

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2163

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4970

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2963

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1721

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2599

Please publish modules in offcanvas position.

Web Analytics