Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සත්වැනි බොදු සමුළුව උත්සවශ්‍රියෙන් ඇරැඹෙයි

ලොව පුරා රටවල් 47ක සාමාජිකත්වය දරන සත්වැනි බොදු සමුළුව ෙතේ‍රනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේලා පෙරටුකොටගත් ලෝක බෞද්ධ නායකයින් රැසක් සමගින් ශ්‍රී ලංකාවේදී ආරම්භ විය.
අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් මුළු දෙන සත්වැනි බොදු සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය. විදේශීය බෞද්ධ නායකයින් ඇතුළු සාමාජිකයින් 800ක් පමණ මෙම සමුළුව සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ තිබිමද විශේෂත්වයකි.
සමුළුවට පැමිණි බෞද්ධ නායකයින් අරලියගහ මන්දිරයේ විශේෂ උත්සව ශාලාව වෙත හේවිසි, හොරණෑ, බෙර සක් හඬ මධ්‍යයේ පෙරහරින් වැඩම කරවනු ලැබූහ.
සමුළුවේ විශේෂ උත්සව භූමියේ තැන්පත් කර ඇති බුදු පිළිමය නිරාවරණය කර මල් පූජා කොට ගිලන්පස හා බුද්ධ පූජාව පිළිගැන්වීමෙන් පසු මහා සංඝරත්නය විසින් පිරිස පංචශීලයෙහි පිහිටුවනු ලැබිය.


ඉන් අනතුරුව පැවැතියේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය සහ ආශිර්වාද කිරීමය. අනතුරුව මියගිය බෞද්ධ නායකයින්ට සහ සාමාජිකයින් සඳහා විනාඩියක නිශ්ශබ්දතාවය පළ කළෝය.
සමුළුවේ ආරම්භක දේශනය බෞද්ධ සමුළුවේ සභාපති මොන්ගෝලියානු බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලාමා වන ‘කම්බා ලාම ලම්ජු චොයිජාම්ටස් දෙම්බරෙල්තුමා’ විසින් කළේය. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සමුළුව අමතනු ලැබිය.


හත්වැනි බෞද්ධ සමුළුව වෙනුවෙන් සමරු තැපැල් මුද්දරය නිකුත් කිරීම ඉන් අනතුරුව පැවැතියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලෝකයේ බෞද්ධ නායකයින් වෙත විශේෂ සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිගැන්වීමද මෙහිදී විශේෂත්වයක් විය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, සත්වැනි බොදු සමුළුවේ සංවිධායක කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් රචිත බුදු දහම පිළිබඳ විශේෂ ග්‍රන්ථයද ලෝක බෞද්ධ නායකයින් වෙත මෙහිදී පිළිගැන්වීය.


සමාරම්භක උත්සවය අවසානයේ භික්ෂූන් වහන්සේලා වෙත දානය ඉතා ගෞරව බහුමානයෙන් පිළිගැන්විණ. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය කථානායක හා සත්වැනි බොදු සමුළුවේ සංවිධායක කමිටු සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.


දහවල් දානයෙන් පසු සමුළුවේ පළමු දිනයේ දෙවන අදියර ආරම්භ විය. බෞද්ධ සමුළුවේ උප සභාපති ජපානයේ නෙබුට්සුෂී
නිකායේ ප්‍රධාන මහානායක ‘ආචාර්ය ෂිනාකායිකෝරී ස්වාමීන් වහන්සේ” සමුළුවේ ප්‍රධාන දේශනය ඉන් අනතුරුව පැවැත්විය.
සමුළුවේ පළමු දිනය නිමා කරමින් ලෝක බෞද්ධ නායකයින් ඇතුළු රාජකීය අමුත්තන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැහැදැකීම සඳහා ජනාධිපති නිල නිවස වෙත සපැමිණියහ.

පානුක රාජපක්ෂ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3826

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2935

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4404

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5038

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5823

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3507

Please publish modules in offcanvas position.

X

Right Click

No right click