Coss Ear2
lakbima.lk
COSS Ear 1

හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න ඉඩදෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ඡන්දයක් විමසන අවස්ථාවේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය පාවිච්චි කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය පාවිච්චි කිරීමට අවසරය ලබා දී ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
උතුරේ ද්‍රවිඩ ජනතාවට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ නව ව්‍යවස්ථාවක් නොව, තම ආහාර හා රැකියා අර්බුදයන්ට විසඳුම් වන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ අනූව මෙම රට බෙදෙන යෝජනා අතහැර සැබෑ ජනතා අවශ්‍යතාවයන්ට විසඳුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.
අපි ජාතිවාදීන් හෝ ආගම්වාදීන් නොවේ. රට බෙදෙන ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය සුරක්ෂිත කෙරෙන ව්‍යවස්ථාවක්.
ජනතාවට මේ මොහොතේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් මතුව නැහැ. නමුත් මේ රජය, 2015 ආණ්ඩු වෙනසට මුල්වූ කුමන්ත්‍රණයට උදවු කළ බාහිර හා අභ්‍යන්තර බලවේගවලට ණය ගෙවීමක් ලෙස මේ ව්‍යවස්ථාව ගෙන ඒමට උත්සහ කරන බවක් පේනවා.

පැතුම් වික්‍රමරත්න ,ප්‍රසාදිකා ජයවර්ධන

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2176

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1569

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3115

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1820

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6582

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3973

Please publish modules in offcanvas position.