Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළාත් පාලන ඡන්දය ජනවාරි 20-30 අතර

 

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා දෙසැම්බර් මස 11 දින සිට 20 දා දක්වා දිනවලදී කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී කොමිසම මේ තීරණය ගෙන තිබේ.
එසේම මැතිවරණය 2018 ජනවාරි 20ත් 31ත් අතර දිනකදී පැවැත්වීමටද තීරණය කර ඇත.
පළාත් පාලන ආයතන සඳහා සභිකයන් සංඛ්‍යාව නිශ්චිත කෙරෙන සංස්ථාපන නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තපා මහතා ඊයේ (01) අත්සන් කළේය.
කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී ඊයේ  (01) පැවැති මාධ්‍ය හමුවකදී ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී 336 ක් ලෙස පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් වූ බවත් 4486ක් ලෙස පැවැති සභිකයින් සංඛ්‍යාව 8356 දක්වා වැඩි වූ බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
සංස්ථාපන නියමයන් ඇතුළත් ගැසට් නිවේදනය මීට පෙරදී නිකුත් කිරීමට නියමිතව තිබූ බව සඳහන් කළ ඇමැතිවරයා නුවරඑළිය හා අඹගමුව පළාත් පාලන ආයතන දෙකෙහි ජනගහනය හා  භූ විෂමතා හේතු නිසා ඒවා කිහිපයකට වෙන් කරන්නැයි වතුකරයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ඉදිරිපත් වූ බවද සඳහන් කළේය. ඒ අනුව මැතිවරණය තවදුරටත් කල් දැමිය නොහැකි නිසා එම පළාත් පාලන ආයතන දෙක සීමා නිර්ණය නොකොට පළාත් පාලන ආයතන හයකට වෙන් කිරීමට තිරණය කළ බවද පැවැසීය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි ෆයිසර් මුස්තපා මහතා වැඩිදුරටත් පැවැසීය. 
 
ලසන්ත වීරකුලසූරිය - කමනි හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4891

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4838

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3102

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3910

Please publish modules in offcanvas position.

Web Analytics