Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සයිටම් ස්ථාවරය කියන්න දිනයක් ඉල්ලයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදී තිබෙන විසඳුම් යෝජනාවලිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ලබන 6 වෙනිදාට පෙර සාකච්ඡාවක් ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මේ අනුව හෙට (2) දිනයේදී සියලුව ශාඛා සමිති නියෝජිතයන් සම්බන්ධ වී ඒ ඒ ශාඛාවල විශේෂ සාකච්ඡාවක් පවත්වන අතර එහිදී ගනු ලබන තීරණයන් ලබන 6 වෙනිදා විධායක සභාව තුළ සාකච්ඡා කර විසඳුමකට පැමිණෙන බවද සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ අනුව ලබන 6 වෙනිදාට පෙර සාකච්ඡාවක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාගෙන් සංගමය ඉල්ලීමක් කළ බව වෛද්‍ය සොයිසා මහතා පැවැසීය.
සයිටම් ආයතනය ආරම්භ කරන ලද්දේ රටේ පවතින නීතියට පටහැනිව බවත් එවැනි ආයතනයක් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවත් පෙන්වා දෙන ඔහු සඳහන් කරනුයේ එවැනි ආයතනයකින් බිහිවන වෛද්‍යවරුන්ද නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවකි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනය සම්බන්ධයෙන් මුල සිටම ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් වන අතර මේ වන විට ජනාධිපතිවරයා පත් කළ කමිටුව පවා සංගමයේ ස්ථාවරය පිළිගෙන ඇතැයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
 
ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4470

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4134

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7238

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4538

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2886

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3695

Please publish modules in offcanvas position.

Web Analytics